page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / දෙරටට සම ප්‍රතිලාභ හිමිවන ඉන්දීය ශ්‍රී ලංකා ගිවිසුමක්‌

දෙරටට සම ප්‍රතිලාභ හිමිවන ඉන්දීය ශ්‍රී ලංකා ගිවිසුමක්‌

ද්‍රව ස්‌වාභාවික වායු නිෂ්පාදනය
සූර්ය බලාගාර ස්‌ථාපිත කිරීම
ත්‍රිකුණාමල නගරය, වරාය සංවර්ධනය
මාර්ග සංවර්ධනය – දුම්රිය සේවා නවීකරණය
බහාලුම් පර්යන්ත, කෘෂිකර්ම හා ජල කළමනාකරණය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ නවදිල්ලි නුවර හයිද්‍රdබාද් මන්දිරයේ පැවැති සාකච්ඡා වලින් අනතුරුව දෙරටේම ජනතාවට සමබර ප්‍රතිලාභ ලැබෙන ගිවිසුමකටද අත්සන් තබන ලද බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.

මෙම ගිවිසුමට ද්‍රව ස්‌වාභාවික වායු නිෂ්පාදනය, සූර්ය බලාගාර ස්‌ථාපිත කිරීම, ත්‍රිකුණාමල නගරය, වරාය හා ආර්ථික කලාප සංවර්ධනය, මාර්ග සංවර්ධනය, දුම්රිය සේවා නවීකරණය, බහාලුම් පර්යන්ත කෘෂිකර්ම හා සත්ත්ව නිෂ්පාදන, ජල කළමනාකරණය ආදී ක්‍ෂේත්‍ර ගණනාවක්‌ ඇතුළත් වේ.

මෙම ගිවිසුම සඳහා ඉන්දියාව වෙනුවෙන් විදේශ ඇමැතිනී ශුෂ්මා ස්‌වරාඡ් හා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතා අත්සන් තැබූහ.

මෙම සමහර ක්‍ෂේත්‍ර සංවර්ධනය සඳහා ජපානය ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්‌ව කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!