page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / Off road / ගෙදරට හොරෙන් කොළඹ ගිය 11 වියැති දරුවා අතරමං

ගෙදරට හොරෙන් කොළඹ ගිය 11 වියැති දරුවා අතරමං

නිවැසිවන් සමග අමනාප වී බස්රථයක නැගී කොළඹ ගිය 11 වියැති දරුවෙකු කොළඹ පිට කොටුවේ අතරමන්ව සිටියදී කොටුව පොලිසිය විසින් රදවාගෙන ඇත. මෙලෙස කොළඹදී අතරමන්ව ඇත්තේ මාපාකඩවැව, කෙසෙල්පොත යාය 11 මහා විද්‍යාලයේ 06 වසරේ ඉගෙනුම ලබන ඩි. එම්. සජිත් හෂාන් වික්‍රම සිංහ නැමති පාසැල් දරාවාය.

ඔහු අඹගස් මන්ඩිය, යාය 11, කෙසෙල්පොත, මහියංගනය යන ලිපිනයේ පදිංචි අයෙකි. දරුවාගේ පියා ජනවාරි මාසයේ සිට සිරගතව සිටින අතර මව කුලි වැඩ කරමින් දරුවන් ජීවත් කරන්නිය. දරුවන් දෙදෙනෙක් සිටිනා පව්ලකි.

මව කුලි වැඩ කටයුතු සදහා යෑම හේතුවෙන් මව පැමිනෙන තුරු දරුවා පාසැල් කාලයෙන් පසු සිටින්නේ සියාගේ නිවසේය. පසුගිය 26 දින දරුවා සියාගේ නිවසේ සිටියදී සවස් කාලයේ කාටත් නොකියා නිවසෙන් පිටව ගොස් ඇති අතර එසේ යන විට නිවසේ බඩ ඉරිගු විකුණා ඉතිරිව තිබු මුදලින් රුපියල් 10000ක්ද රැගෙන ගොස් ඇත. දරුවා නොමැති බවට සවස මහියංගන පොලිසියටද පැමිනිලි කර ඇත්තේ දරුවාගේ මව විසිනි.

27 දින උදැසන මහියංගන නගරයේ ඡංගම දුරකථන අලෙවි සැලකින් රුපියල් 6990ක දුරකථනයක් මිළට ගෙන මහියංගන කොළඹ බස් රථයක නැගි කොළඹ බලා පිටව ගොස් ඇත.

බසයේ සිටි මගියෙකුටද සැක සිති දරුවා පිළිබද ජංගම දුරකථනය මිළදීගත් රිසිට් පතෙහි වු දුරකථන අංකයට කථාකර අලෙවි සැලේ හිමි කරුගෙන්ද විමසීමක් කර ඇත.

කොළඹට පැමිණ දරුවා රැගෙන යන ලෙස කොටුව පොලිසිය මහියංගන පොලිසිය හරහා දරුවගේ මවට මේ වන විට දැනුම් දී ඇත.

දිනමිණ(මාපාකඩවැව සමුහ – එච් එම් රංජිත් කරුණාවිර)

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

2 comments

  1. Niayama wadak

  2. Apppaaa ????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!