page hit counter
Monday , October 23 2017
Breaking News
Home / දේශපාලන / ‘රතන හිමිගේ න්‍යාය පත්‍රය සැක කටයුතුයි’ – ෆොන්සේකා

‘රතන හිමිගේ න්‍යාය පත්‍රය සැක කටයුතුයි’ – ෆොන්සේකා

හමුදා බුද්ධි අංශ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම් හමුවේ හමුදා බුද්ධි අංශ විනාශ වන බවට රතන හිමියන් ප්‍රකාශ කර ඇත්නම්, එය “වෙනත් යම් කිසි න්‍යාය පත්‍රයක් ඔලුවේ තියාගෙන” කළ ප්‍රකාශයක් බව හිටපු හමුදාපති, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
හමුදා සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් පමණින් හමුදාව හෝ හමුදාවේ බුද්ධි අංශ කඩා නොවැටෙන බව ඔහු අවධාරණය කර සිටියි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එසේ අදහස් දැක්වූයේ හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම විවේචනය කරමින් ඒකාබද්ධ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමිනි.

ජනාධිපතිවරයා මෙන්ම හමුදාවේ සියළු සාමාජිකයන්ද රටේ නීතියට යටත් බව පැවසූ අමාත්‍ය සරත් ෆොන්සේකා, එයට පිටුපෑමට කිසිවෙකුටත් නොහැකි බව ද පෙන්වා දුන්නේය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!