page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / ආයෝජන රැසක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට…

ආයෝජන රැසක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට…

ලංකාවේ ආර්ථික විනිවිදභාවය සම්බන්ධයෙන් අමෙරිකානු වාණිජ මණ්ඩලයේ පැසසුම්…

ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. එසේම නුදුරේ දීම ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට යෝජනා වූ බව ද අමාත්‍යවරයා කියා සිටියි. රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ මෙරට මූල්‍ය විනය සම්බන්ධයෙන් ද වාණිජ මණ්ඩලයේ පැසසුම් හිමි වූ බවයි. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුව අතරතුර, ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු වාණිජ මණ්ඩලය ඇමතීමට ලැබීම ඉතා වැදගත් අවස්ථාවක් වන අතර, එය මෙරට ආයෝජන අවස්ථාව පුළුල් කිරීම සඳහා වන කඩඉම් අවස්ථාවක් බවත් රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

 
රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වර්ෂික සමුළුවට සහභාගී වී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දීය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට අමාත්‍යවරයා (23) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට ළගා විය.

 
වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහාන් කළේ මිත්‍රශීලි ව්‍යාපාර ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ආසියාවට පිවිසුම් මාර්ගයක් බවට පත්ව ඇති බවයි. යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රය, කෘෂි පිරිසැකසුම, සෞඛ්‍ය සේවා, අපනයනය පදනම් කරගත් නිෂ්පාදන සහ සංචාරක කර්මාන්තය යන අංශවල ආයෝජන අවස්ථා බහුලව ඇතැයි තමා ඇමෙරිකානු වාණිජ මණ්ඩලය හමුවේ අවධාරණය කළ බව අමාත්‍යවරයා පැවැසීය.

 
මේ අතර අමෙරිකා වාණිජ මණ්ඩලය ඇමතු එහි ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම් මහතා අවධාරණය කළේ මිත‍්‍රශීලී වෙළෙඳ හා ආර්ථික ප‍්‍රතිපත්ති මෙන්ම උපායමාර්ගික භූගෝලීය පිහිටීම හා උසස් තත්වයේ භෞතික පරිසරය වෙනුවෙන් ශ්‍රී ලංකාව ජීවත්වීමට ඉතා සුදුසු පරිසරයක් ඇති, කලාපයේ සත්කාරක ගමනාන්තය බවට පත්ව ඇති බවයි.

 
අමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වේ. නවතම ද්විපාර්ශික විකුණුම් අගය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.3 පමණ වන අතර 2016 වසරේදී ශ‍්‍රී ලංකාවේ මුළු අපනයන වලින් 28% සිදුකර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයටය.

 
වොෂින්ටන්, නුවර දී පැවැති ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය විශේෂ ඇගයීමකට ලක්වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී ප්‍රකාශ කර සිටියේ ය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සමුළුවට සහභාගී වී සිටි ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානින් සමඟ තමා වෙන් වෙන් වශයෙන් සාකච්ජා සිදු කළ බවයි. සමුළුව පසුගිය 18 වෙනි දා ආරම්භ වූ අතර එය  (23) නිමාවට පත් විය.

 
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා G24 මුදල් අමාත්‍යවරුන්ගේ හමුවට සහාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබදව සාකච්ජා කෙරිනි. මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් අමාත්‍යවරුන්ගේ මණ්ඩලය නියෝජනය කළ රවී කරුණානායක මහතාට එහි පළමු උප සභාපති ධුරය පිරිනැමුණු අතර එය ශ්‍රී ලංකාව ලැබු සුවිශේෂ ජයග්‍රහණයකි. මීට අමතරව මුදල් අමාත්‍යවරුන්ගේ මණ්ඩලයේ නිලධාරීන්ගේ පළමු උප සභාපති ධූරය මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාට හිමි විය. මෙම සමුළුවේදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ මිට්සුහිරෝ පුර්සාවා මහතා (Mr. Mitsuhiro Furusawa) සමඟ සාකච්ජා පවත්වන ලදී.

 

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!