page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / ලොව මවිත කල ජර්මානුවන්ගේ විශාලතම කෘතීම සූර්යයා

ලොව මවිත කල ජර්මානුවන්ගේ විශාලතම කෘතීම සූර්යයා

ජර්මානු විද්‍යාඥයන් විසින් “ලොව විශාලතම කෘතීම සූර්යයා”නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් සිදු කරගෙන යන්නේ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීම සඳහායි.

මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149ක් ශක්තිය කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි.

මෙම අඟල් 8×8 spotlights මගින් උෂ්ණත්වය 3,000°C (5,432°F)දක්වා ගෙන යා හැකියි.
මෙම පරීක්ෂකයන් කණ්ඩායමට ජලය එහි අංශුන් වලට විභේදනය කර මෙම නිපදවෙන ශක්තිය මගින් පිරිසිදු හයිඩ්‍රජන් ඉන්ධනය නිපදවීම සිදු කළ හැකියි.

මෙම පරීක්ෂණය සඳහා පැය 4ක කාලයක් තුල විදුලිය සැපයීම අවශ්‍ය වන අතර එම සපයන විදුලිය ප්‍රමාණය මිනිසුන් 4 දෙනෙක් විසින් වසරක් පුරා භාවිතා කරන විදුලි ප්‍රමාණයට සමාන වේ.

ලොව ව්ශාලතම කෘතීම සුර්යාගෙන් ලැබෙන ප්‍රයෝජන කවර ආකාරයද ?

මෙය නිපදවීමේ එක් අරමුණක් වන්නේ ගුවන්යානා සඳහා කෘතිමව ඉන්ධන ලබාගැනීමට කාර්යක්ෂම ලෙස හයිඩ්‍රජන් නිපදවාගැනීමයි.

හයිඩ්‍රජන් යනු විශ්වාසදායකව අනාගතයේදී ගුවන්යානා සඳහා යොදාගත හැකි ඉන්ධනයක් වන්නේ එමගින් ගෝලීය උණුසුමට දායක වන කිසිදු ද්‍රව්‍යක් පිට නොකරන බැවිනි. නමුත් හයිඩ්‍රජන් එහි ස්වභාවික ආකාරයෙන්ම නොපවතී.එම නිසා එය විශාල ශක්තින් උපයෝගී කරගනිමින් ජලය මගින් විභේදනය කල යුතුයි.

ඔවුන් විශ්වාස කරන පරිදි අනාගතයේදී එලෙස යොදාගත හැකි පහසුම හා ලාභදායීම ශක්තිය වන්නේ සූර්යශක්තියයි.

ඔවුන් විසින් කෙටි චාප සහිත ශේනොන් ලාම්පු විශාල ප්‍රමාණයක් (8×8 inch)spot එකක් මතට යොමු කෙරිණි.එය ඊට සමාන ප්‍රමානයක් මත පතිත වන සාමාන්‍ය සූර්ය කිරණ ප්‍රමාණය මෙන් 10000 ගුණයක් විශාල බව වැඩි දුරටත් ඔවුන් පවසයි.

මෙම පද්ධතිය ක්‍රියාත්මක කාලයින් පසු ඔබ එම පරිශ්‍රයට ඇතුළු වුවහොත් ඔබව සම්පුර්ණයෙන්ම දැවී අළු වන බව නියතය.මෙපමණ ශක්තියක් යොදාගනිමින් සිදු කරන මෙම කර්තව්‍ය ඉතාමත් සාර්ථක බවත් එමගින් ලොවටම මහගු ආයෝජනයක් සිදු කෙරෙන බවත් ඔවුන් පවසයි. වීඩියෝව පහතින්….

Check Also

මේ දවස්වල පැතිරයන පරිගණක වෛරසයෙන් බේරෙන්න මේ දේවල් කරන්න

ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන වොන්නක්‍රයි (Wannacry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!