page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / දේශපාලන / කම්කරුවන් 1660 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීමට ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගනී.

කම්කරුවන් 1660 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීමට ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගනී.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කම්කරුවන් ලෙස සේවය කල 1660කුගේ සේවය ස්ථිර කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබෙනවා.

එම සේවකයන් අතරින් බොහෝ දෙනෙක් පසුගිය රජය සමයේ පිහිටුවාගෙන තිබු මිනිස් ශ්‍රම තැරව්කාර ආයතනයක් (මෑන් පවර්) හරහා සේවයට සම්බන්ධ වූවන්ය . අදාල සේවකයන් වෙත ගෙවන ලද කම්කරු වැටුපෙන් එක් අයෙකුගෙන් රු.500ක පමණ මුදලක් මෙම තැරව්කාර ආයතනය විසින් අසාධාරණ ලෙස ලබා ගනිමින් කම්කරුවන්ගේ ශ්‍රමය සුරා කෑමට ලක්වූ බවට ලැබුණු පැමිණිලි අනුව අමාත්‍යවරයාගේ ඍජු උපදෙස් මත එම සමාගම සමග පැවති සියලුම ගනුදෙනු නතර කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගන්නා ලදී.

එමෙන්ම එම සමාගම යටතේ සේවය කල කම්කරුවන් අතරින් අපේක්ෂිත සුදුසුකම් සහිත පිරිස් යලි සේවයට බඳවා ගැනීමට පියවර ගත් අතර ඔවුන් ස්ථිර සේවයට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු වහා සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව ඔවුන් මැයි මස සිට ස්ථිර සේවකයින් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවයේ පිහිටුවීමට නියමිතයි.

මැයි දිනයේ කම්කරු අයිතිවාසිකම් සැබෑ ලෙසම සුරක්ෂිත කිරිමටත්, එක්සත් ජාතික පක්ෂය රටේ වැඩකරන ජනතාවගේ පක්ෂය බවත් තහවුරු කරමින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිදුන්ගේ ආශීර්වාදය සමගින් ජාතික සේවක සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මුලිකත්වයෙන් ගනු ලැබූ මෙම තීරණය එම කම්කරුවන්ට මහත් අස්වැසිල්ලක් බවට පත්වී ඇත.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!