page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මහින්ද නෙරපයි! වෙල්ගම ප්‍රසන්න විදුර මහින්දානන්දත් එළියට

මහින්ද නෙරපයි! වෙල්ගම ප්‍රසන්න විදුර මහින්දානන්දත් එළියට

මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා  දිවයින පුවත් පතට ප්‍රකාශයක් කර තිබෙනවා.

මෙම තීන්දුව ගැනීම සඳහා මැයි දිනය අවසන් වූ වහාම ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්‌කරන බව හෙතෙම පැවැසීය.තාවකාලිකව පක්‌ෂය තහනම් කර විනය පරීක්‌ෂණයක්‌ පවත්වා පක්‌ෂයේ විනය කඩ කරන ඕනෑම කෙනෙකු පක්‌ෂයෙන් නෙරපීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන බව ද දිසානායක මහතා සිහිපත් කළේය.

මහනුවර ගැටඹේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි දින රැලියට සහභාගි වන ලෙස පක්‌ෂය නියෝජනය කරන සියලු දෙනාටම දැනුම් දී තිබියදී යම් මන්ත්‍රීවරයෙක්‌ හෝ ක්‍රියාකාරිකයෙක්‌ එම තීන්දුව කඩ කරන්නේ නම් ඔවුන් සම්බන්ධව පක්‌ෂයේ විනය නීති රීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව තීන්දුවක්‌ ගෙන තිබෙන බව ද ඒ මහතා පැවැසීය.

ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ සහ විධුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන්ගේ තනතුරු සම්බන්ධවද එහිදී තීරණයක්‌ ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සංවිධානය කරන මැයි රැලියට සහභාගි නොවී වෙනත් පක්‌ෂයක්‌ හෝ කණ්‌ඩායමක්‌ සංවිධානය කරන මැයි දින රැලියකට මහින්ද රාජපක්‌ෂ මහතා හෝ මන්ත්‍රීවරයෙක්‌ සහභාගි වන්නෙ නම් මෙවර ඒ කිසිවකුටත් සමාව නොලැබෙන බව හෙතෙම වැඩිදුරටත් කීය.

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

One comment

  1. Yasa Gas gebi horata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!