page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මැයි දිනය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා ගාස්තු අය නොකෙරේ

මැයි දිනය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා ගාස්තු අය නොකෙරේ

මැයි දිනය වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතා ප්‍රකාශ කළේ, හඳුනා ගත් ස්ථානවලට විශේෂ කාර්ය බලකා සමාජිකයින් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා මැයි දිනය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා ගාස්තු අය නොකරන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

‍මේ අතර මැයි දිනය වෙනුවෙන් රථවාහන රාජකාරි සඳහා රථවාහන අංශයේ නිලධාරීන් 2800 කට අධික සංඛ්‍යාවක් යොදවන බව පොලීසිය පවසයි.

පොලීසිය ප්‍රකාශ කළේ, මහනුවර සහ කොළඹ නගර වලට එම නිලධාරීන් යොදවන බවයි.

මැයි රැළි හේතුවෙන් මහනුවර සහ කොළඹ නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!