page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / දේශපාලන / ජනපති ගැටඹේත් කැම්බල් පිටියත්, අගමැති ප්‍රධානත්වයෙන් කම්කරු හඬට සූදානම්

ජනපති ගැටඹේත් කැම්බල් පිටියත්, අගමැති ප්‍රධානත්වයෙන් කම්කරු හඬට සූදානම්

හෙටට යෙදෙන 131 වන කම්කරු දිනය සැමරීම සඳහා මෙරට කම්කරු ජනතාව දැනටමත් පෙළගැසී සිටිනවා. දේශපාලන පක්‍ෂ මෙන්ම කම්කරු සංවිධාන රැසක් මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ලොව පුරා කම්කරු දිනය සැමරීම සඳහා කම්කරුවන්ගේ සහභාගීත්වයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. අපේ රටේ ද සෑම වසරකම කම්කරු දින සැමරුම් උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. දේශපාලන පක්‍ෂ මෙන්ම කම්කරු සංවිධාන ද මේ වන විටත් මැයි දින සැමරුමට සූදානමින් සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි රැළිය මෙවර පැවැත්වෙන්නේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදීයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින සැමරුමේ මෙවර තේමාව එක මිටට හරි අතට යන්නයි.

එක්සත් ජාතික පක්‍ෂ මැයි රැළිය කැම්බල්පිටියේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා. දිනන ජනතාවගේ මැයි රැළිය යන්න තේමා කරගත් එම මැයි දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ITN පුවත් ඇසුරින්

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!