page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / දේශපාලන / ත්‍රිකුණාමලයේ ටැංකිවල ඉන්දියාවේ තෙල් ගබඩා කරනවා

ත්‍රිකුණාමලයේ ටැංකිවල ඉන්දියාවේ තෙල් ගබඩා කරනවා

ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට ඉන්දියාව එකඟ වී ඇතැයිද, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවල ඉන්දියාවට අවශ්‍ය තෙල් ගබඩා කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට එක්වෙමිනි.

තෙල් ගබඩා කිරීමට ඉන්දියාවට අවස්ථාව ලබාදීමෙන් ගබඩා ගාස්තු මෙන්ම වාසි ලැබෙන බවද අගමැතිවරයා පැවසීය.
“රාජපක්ෂ පිරිස සිතුවේ අප අතින් ආර්ථිකය කඩා වැටෙයි කියලා. 2016දී බලයට එන්න පුළුවන් වෙයි කියලා. දැන් කියනවා වෙසක් පෝය දෙකකින් එනවා කියලා…..මම කියන්නේ වෙසක් පෝය ශතවර්ෂ දෙකකින්වත් එන්නේ නැහැ.“යැයි අගමැතිවරයා පැවසීය.

“යුද්ධයෙන් පස්සේ රට දියුණු කරන්න රාජපක්ෂ ආණ්ඩුවට වසර පහක් තිබුණා. යුද්ධයෙන් බැට කෑ තරුණ තරුණියන්ට අනාගතයක් හදන්න. ඒ වෙනුවට ඔවුන් කළේ රටේ ආර්ථිකය කඩා වට්ටපු එක. ….“

“මේ අවුරුද්දේ මා ඉල්ලීමක් කරනවා. අපි දැන් සංවර්ධනය පටන් ගන්න හදන්නේ .ඒකට උදව් කරන්න.“ යයි කී අගමැති වික්‍රමසිංහ මහතා ජපානය හා ඉන්දියාව සමග මෙරට ව්‍යාපෘති රැසක් කිරීමට සූදානම් බවද පැවසීය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!