page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ආසියානු සංවර්ධන බැංකුවේ පනස් වැනි වාර්ෂික සමුළුව ඇරැඹේ…

ආසියානු සංවර්ධන බැංකුවේ පනස් වැනි වාර්ෂික සමුළුව ඇරැඹේ…

ආසියානු සංවර්ධන බැංකුවේ 50 වැනි වාර්ෂික සමුළුව ජපානයේ යොකෝහමා හි දී අද (04) ආරම්භ විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වී සිටිති. සමෘද්ධිමත් ආසියාවක් කරා එක්ව ගොඩනැගෙමු යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා ලොව පුරා රටවල් නියෝජනය කරමින්, මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරු ඇතුළු 5000කට අධික පිරිසක් සහභාගී වී සිටිති.

මෙවර සමුළුවේ දී වැඩි වශයෙන් අවධානය යොමු වී ඇත්තේ තිරසාර සංවර්ධනයක් සඳහා වන කලාපීය වර්ධනය පිළිබඳවයි. මේ යටතේ වෙළෙඳ, ආයෝජන සහ මූල්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටෙකෙහිකෝ නකාඕ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන සමුළුව ලබන 7 වැනිදා දක්වා පැවැත්වේ.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!