page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / දේශපාලන / ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසියි – අභියාචනාධිකරණයෙන් රිට්‌ ආඥවක්‌

ගීතාගේ මන්ත්‍රී ධුරය අහෝසියි – අභියාචනාධිකරණයෙන් රිට්‌ ආඥවක්‌

ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය ඊයේ (3 දා) ‘රිට්‌’ ආඥවක්‌ නිකුත් කළේය.ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය මහ මැතිවරණයේදී ගාල්ල දිස්‌ත්‍රික්‌කයට තරග කිරීමට නාමයෝජනා පත්‍ර භාර දෙන විට ශ්‍රී ලංකාව සහ ස්‌විස්‌aටර්ලන්තය යන රටවල් දෙකේම පුරවැසි භාවය හිමිව සිටි අයකු වන බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක්‌ දැරීමට නීතියෙන් අයිතියක්‌ නැතැයි අභියාචනාධිකරණය ඊයේ තීන්දු කළේය.

කුමාරසිංහ මහත්මිය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ දින සිට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් රජයට දරන්නට සිදුවූ වියහියදම් ඇයගෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසද ඊයේ ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුවෙන් නීතිපතිවරයාට නියම කර ඇත.

ගීතා කුමාරසිංහ මහත්මිය මන්ත්‍රීධුරයට පත්වීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වැනි වගන්තියට පටහැනිව සිදුව ඇතැයිද අභියාචනාධිකරණය තීරණය කළේය.

අභියාචනාධිකරණය එකී නියෝග නිකුත් කළේ ඇගේ මන්ත්‍රී ධුරයට අභියෝග කරමින් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ. ඩබ්ලිව්. බුවනෙක, ඡේ. කේ. අමරවර්ධන ඇතුළු 5 දෙනකු විසින් ගොනුකර තිබූ පෙත්සම පිළිබඳ විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

අභියාචනාධිකරණයේ සභාපති විජිත් කේ. මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.විනිසුරු මඬුල්ලේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු සූරසේන මහතා විසිනි.අධිනීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන්ද නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් ජනක්‌ ද සිල්වා මහතා නීතිපති වෙනුවෙන්ද පෙනී සිටියහ.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!