page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / ඉන්දියාවෙන් අසල්වැසි රටවලට “මිල කළ නොහැකි තෑග්ගක්”

ඉන්දියාවෙන් අසල්වැසි රටවලට “මිල කළ නොහැකි තෑග්ගක්”

කලාපයේ බලවතුන් ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාව සහ චීනය විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දිනෙන් දින ඉදිරියට ඇදෙමින් සිටිති.

චීනයේ නිෂ්පාදිත පළමු විශාලතම මගී ගුවන් යානය සිය මංගල ගමන සාර්ථකව නිම කිරීමට අද (මැයි 05) සමත් විය.මේ අතර දකුණු ආසියාතික රටවල් සඳහා ඉන්දියාව නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශ ගත කළේය.’ශ්‍රීහරිකොටා’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ චන්ද්‍රිකාවේ ඉලක්කය වී ඇත්තේ කලාපීය රටවල විදුලි සංදේශ කටයුතු සහ විකාශන සේවා ඉහළ නැංවීමය.

ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන දකුණු ආසියානු රටවල් ඉන්දියාවේ සම්පූර්ණ වියදමින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවෙන් වාසි ලබනු ඇත.කෙසේ නමුත් පාකිස්තානය අදාළ ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබේ.විශ්ලේෂකයන් විසින් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම හඳුන්වනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ “අභ්‍යවකාශ රාජ්‍යතාන්ත්‍රිකභාවය” ලෙසිනි.

-BBC

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!