page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / දේශපාලන / ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි හොඳට අඩි ගසා මහජන මුදල් රු.කෝටි දෙක හමාරක් වියදම් කරපු හැටි

ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි හොඳට අඩි ගසා මහජන මුදල් රු.කෝටි දෙක හමාරක් වියදම් කරපු හැටි

මැදමූලනේ වනචර පවුල රට යටත් කරගෙන සිටි වනචර දශකයේ දී ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි (පසුගිය කාලයේ යෝෂිතගේ ඉඩම් හුටපටයට නම කියැවුනු ඩේසි ෆොරස්ට්) විසින් රුපියල් කෝටි දෙක හමාරකට අධික මහජන මුදලක් කාබාසිනියා කරමින් පැරිසියේ වෙසක් බලන්නට ගිය හැටි හෙළි වී තිබේ.මොවුන් 2014 දී පැරිසියේ පැවැත්වූ යුනෙස්කෝ වෙසක් උත්සවයකට සහභාගී වනවා කියා ගියද ඒ වසරේ එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය, එනම් මෙවර ලංකාවේ පැවැත්වෙන උත්සවය හා සමාන උත්සවය, පවත්වා ඇත්තේ වියට්නාමයේ නින් බින් (Ninh Binh) නුවර දී ය.

ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි ඇතුළු පිරිවර 2014 මැයි 20 සිට 24 දක්වා පැරිසියේ මිල අධිකතම සුපිරි භවනක් වන පස්වෙනි ජෝර්ජ් රජුගේ හෝටලය හෙවත් King George V hotel in Paris හි නැවතී සැප අරගෙන ඇති අතර මුන්ගේ වනචර ‘පැරිස් වෙසක් බැලිල්ල‘ සඳහා ලංකාවේ විදේශ අමාත්‍යාංශය ගෙවා ඇති මුදල රුපියල් දෙකෝටි පනස් ලක්ෂ අසූ දහස් හයසිය අසූ එකයි ශත හතලිස් නවයකි. (2,50,80681 . 49) මේ මුදලට ඇතුලත් ගුවන් ටිකට් පත් වියදම වූ රුපියල් හත් ලක්ෂ හැට අට දහස් තුන් සිය අනූ නවයයි ශත හැට හයක් (7,68,399 . 66) ක මුදල ගෙවා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි.

මෙහි ඇති අපූර්වත්වය නම් පැරිසියේ ඇති මෙම පස්වෙනි ජෝර්ජ් රජුගේ හෝටලය කෙතරම් මිල අධික හෝටලයක් ද යත් පස් වෙනි ජෝර්ජ් රජුගෙන් පැවත එන අද ජීවතුන් අතර සිටින එංගලන්ත දෙවන එළිසබෙත් මහ රැජින පවා පැරිසියට ගිය විට මේ හෝටලයේ මිල ඇයට දැරිය නොහැකි යයි කියා වෙනත් මිල අඩු හෝටලයක නවාතැන් ගන්නේ වී නමුත් ‘මැදමූලනේ මහ රැජින‘ සහ ඩේසි ආච්චි ‘ගාණ බල්ලාගේ පුකද‘ කියා පස් වෙනි ජෝර්ජ් රජුගේ හෝටලයේම නවාතැන් ගැනීමයි.

එපමණක් නොවේ පැරිසියේ වෙසක් උත්සවයට ලංකාවෙන් නිල වශයෙන් යැවූ කිතුණු ලබ්ධික ශිරන්ති අම්මන්ඩි සහ ඩේසි ආච්චි දෙදෙනා හෝටල් කාමරයේ තිබූ මිනි බාර් එකෙන් පදමට මත්පැන් ද පානය කර තිබේ. ඒ අනුව එක් මිනි බාර් බිලක් යුරෝ 253 ක් ද, තවත් මිනි බාර් බිලක් යුරෝ 221 ක් ද, අවසන් දිනයේ මිනි බාර් බිල යුරෝ 371 ක් ද ලෙස රටේ මහජන මුදලින් ගෙවා ඇත. (අවසන් දිනයේ වැඩියෙන් ගසා තිබේ) 2014 දී යුරෝවක් රුපියල් 176 ක් පමණ වූ බැවින් ශිරන්තිගේ සහ ඩේසි ආච්චිගේ ‘බඹර පදම‘ වෙනුවෙන් මහජන මුදල් රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වියදම් කර තිබේ.

ශිරන්ති අම්මන්ඩි ගේ සහ ඩේසි ආච්චිගේ පැරිස් වෙසක් බැලිල්ලේ වියදම සාමාන්‍යයෙන් මෙසේය.

උදේ ආහාර නොමැතිව මිනි බාර් වියදම් සහිතව හෝටල් කාමර (ප්‍රසිඩෙන්ට් සූට්) වියදම – යුරෝ 88552/- රුපියල් 1,61,75465 .76 යි.
කුළියට ගත් වාහන බිල – යුරෝ 41650/- රුපියල් 75,93,061 . 56 යි.
ගුවන් ටිකට් පත් – යුරෝ 4200/- රුපියල් 7,68,399 . 66 යි.
අනෙකුත් VIP වියදම් – යුරෝ 2994 . 94 යි – රුපියල් 5,43,754 . 51 යි.
එකතුව – යුරෝ 1,37,396 . 94 රුපියල් – 2,50,80681 . 49 යි.

ඉන්දීය අගමැති මෝදිට රට විකුණනවා කියා මෙවර වෙසක් උළෙලේ දී කළු කොඩි දාන්න යන්නේ මහජන මුදලින් මෙවැනි වනචර වෙසක් බැලිල්ලක් බලපු උන් ය.

මේ ගණන් හිලව් ඊයේ පාර්ලිමේන්තුවේ දී විදේශ ඇමැති මංගල සමරවීර මහතා විසින් හෙළිකරන ලද අතර ඒවා සභාගත කෙළේය. එම සම්පූර්ණ වියදම් ලේඛනය පහත දිගුව ක්ලික් කිරීමෙන් බාගත හැකිය.

http://egossip.lk/Sinhala/Downloads/Expenses_for_Paris_Vesak_Visit_of_Shiranthi_Rajapaksha.pdf

උපුටාගැනීම – ලංතා ඊ නිවුස් වෙබ් අඩවියෙනි.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

3 comments

  1. Yakoo mekita polimsk dala #knna owni bola

  2. Mona deyak unath news ahinsaka minisungge salli munta yanna apaya update karannama wenawa ???? ???????? ????

  3. wehi nethi hena gahapiya me wage hora weda karana unta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!