page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට ?

මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා හිටපු නායක මහේල ජයවර්ධන එක්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තාවේ.ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානීන් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර මෙවර අයි පී එල් තරගාවලියේ මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ධුරය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි දස්කම් දැක්වීමට සමත්ව සිටියි.

ඔවුන් මේ වනවිට අයි පී එල් ප්‍රසාද ලකුණු සටහනේ තරග 10න් තරග 08ක් ජය ගනිමින් පසුවන්නේ ප්‍රථම ස්ථානයේයි.මහේල ජයවර්ධනගේ අත්දැකීම් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයට හේතු වී ඇත.ඒ අනුවයි ඔහුගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්, මහේල ජයවර්ධන සමග එක්ව සැලසුම් සකස් කිරීමට මෙහිදී අවධානය යොමුව තිබේ.

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!