page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / දේශපාලන / “අපිට තියන කළකිරිම පිට කිරීමට අවුරුද්දක් හඩා වැලළපුනත් මදි” – රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක

“අපිට තියන කළකිරිම පිට කිරීමට අවුරුද්දක් හඩා වැලළපුනත් මදි” – රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක

“රාජ්‍ය ඇමතිවරයකුට වැඩ කිරීමට ඇති ප්‍රමාණය සීමිතයි . මීට වඩා වැඩ කිරීමට අවස්තාව තිබුනානම් ජනතාවට මිට වඩා වැඩක් කිරීමට පුළුවන්. එකේ කලකිරීම හොදටම පිට උනා මේ ලගදී අපේ සහෝදර රාජ්‍ය අමාත්‍ය තුමා සුජීව සේරසිංහ අමාත්‍ය තුමාගෙන්. හැබැයි ඒක එතුමන් තනියෙන් මුහුණ දෙන ප්‍රශ්නයක් නොවෙයි අපි සමහරු පිට කරේ නැති උනාට මේක අපි සමස්ථයක් විදිහට මුහුණ දෙන ප්‍රශ්නයක්.සමහරක් විට මට ඔය කළකිරිම පිට කරන්නට උනොත් අවුරුද්දක් හඩා වැළපුනත් මදි.මම මේ වෙන අසාධාරනකම් විදගෙන පුළුවන් විදිහට වැඩ කරනවා. ඔබ තුමා ඇමති හැටියට අපිට මුකුත් කරන්නෑ එයින් කළකිරිනු ජනතාව ද අපට බනිනවා. ”

අද (16) දින දිබුලාගල ප්‍රාදේශීය ඒකකයේ ලක්ෂ 224 ක වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ මුල්‍යමය ප්‍රතිපාදන යටතේ මහවැලි අධිකාරියට අයත් සිරිපුර රත්මල් කණ්ඩිය වැව ප්‍රතිසංස්කරණය කිරීම වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ සුරතින් ආරම්භ කළ අවස්ථාවේ එතුමන් මේ බව ප්‍රකාශ කළා. මෙහිදී එතුමන්ගේ සුරතින් අසරණ ජනතාවට වකුගඩු ආධාර,නිවාස ආධාර බෙදාදෙනලදී.

මෙයට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා,දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකතුමා,පළාත් සභා මන්ත්‍රී ජනක සමරසිංහ මහතා,පළාත් සභා මන්ත්‍රී අන්ශාර් මහතා,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් රත්නවීර මහතා,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විපුල නිශාන්ත මහතා, සී කලාපයේ මහවැලි අධිකාරියේ දිස්ත්‍රික් නේවාසික ව්යාපාර කළමනාකාර තුමා ඇතුළු ප්‍රදේශයේ ගොවි ජනතාව සහභාගී වී සිටියා.​

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!