page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / සුව අරණ / හිස කෙස් ගැලවී නතර කර හිස කේ වර්ධනය කරන විශ්මිත ඔසුව

හිස කෙස් ගැලවී නතර කර හිස කේ වර්ධනය කරන විශ්මිත ඔසුව

මෙම ලිපිය තුලින් හිස කේ වැටීම නවතාලන බලගතු හිස් ආලේපනයක් (Hair Mask) හදන හැටි කියලා දෙන්නම් . මෙම හිස් ආලේපන භාවිතා කිරීම මගින් දින කිහිපයක් තුල හිස කෙස් වැටීම නවත්වා ගන්න පුළුවන්. මේ සදහා පැ යොදා ගන්නේ එකම එක ස්වාභාවික අමුද‍්‍රව්‍යක් පමණයි. ඒ තමයි පේර කොල. ඔබ නොදැන සිටියාට පේර කොල යනු හිස කේ වැටීම පාලනය කරන ඉතාම ප‍්‍රබල ඖෂධයක්. ඒ වගේම ඩෙංගු වැළදුණු රෝගීන්ගේ රුධිර පට්ටිකා යලි වර්ධනය කර ගැනීම සදහා පේර කොල භාවිතා කරන අවස්ථා තියෙනවා. ලොව පුරා බොහෝ හිස කේ සම්බන්ධ ප‍්‍රශ්න වලට පිළියම් කරන රුපලාවන්‍ය ශිල්පින් විශ්වාස කරනවා පේර කොල යනු කොන්ඬේ යන අයට ප‍්‍රතිකාර ලෙස භාවිත කරන්න පුළුවන් හොදම ස්වාභාවික විසදුම කියලා.

හිස කේ වැටීමට එරෙහිව පේර කොල වලට සටන් කිරීමේ හැකියාව ලැබුනේ කොහොමද ? අපි ඒ ගැනත් සොයා බැලූවා. පේර කොල වල විටමින් ඊ යහමින් අඩංගු වෙනවා. විටමින් ඊ කියන්නේ පෝෂ”ය කෙස් කළඹක් සදහා අතවශ්‍ය පෝෂණ සංඝටකයක්. දැන් අපි බලමු මේ බෙහෙත් වට්ටෝරුව පිළියෙළ කර ගන්නේ කොහොමද කියලා

අවශ්‍ය ද්‍රව්‍ය
පේර කොල මිටක්
වතුර ලිටරයක්
සාදන ක‍්‍රමය

පේර කොල මිට හා වතුර ලීටරයක ප‍්‍රමානය ලිප තැබිය හැකි භාජනයකට දමා විනාඩි 20 හොදින් තම්බා ගන්න

ඉන්පසුව ලිපෙන් බාගෙන මිශ‍්‍රණය නිවෙන්න හරින්න (කාමර උෂ්ණත්වයේ තබන්න)

භාවිතා කරන ආකාරය
මුලින්ම ඔබේ කොන්ඬේ හොදින් සෝදා ගන්න. දැන් ඔබට පුළුවන් මේක ටොනික් එකක් වගේ හිස කේ මුල් වල හා හිස් කබලේ හොදින් වදින සේ ආලේප කරන්න. විනාඩි කිහිපයක් සම්බාහනය කර පැයක් දෙකක් සිටින්න. පසුව මෘදු ෂම්පෝ වර්ගයක් භාවිතා කර සෝදා හරින්න

මෙහි උපරිම ප‍්‍රයෝජනය ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් නින්දට යාමට පෙර මෙම මිශ‍්‍රනය හිස් කබලේ ආලේප කර ෂවර් කැප් එකක් පැළද නින්දට යන්න. පසු දින අවදි වී හිස සෝදා හැරීම ප‍්‍රමාණවත්.

ඇත්තටම ඔබ නිවැරදිව හා නොනවත්වා මේ පේර කොල සත්කාරය සිදු කරොත් ඉතාම කෙටි කාලයක් තුල ඔබට සතුටුදායක ප‍්‍රතිපල දක්නට ලැබේවි. කෙස් ගස් වල මුල් ශක්තිමත් වී හිස කේ වැටීම සම්පුර්ණයයෙන්ම නැවතී නව හිස කෙස් වේගයෙන් වර්ධනය වීමට පටන් ගනීවි. එහෙනම් ඔබත් මේ රෝග තත්වයෙන් පිඩා විදින කෙනෙක් නම් නිවසේදීම පහසුවෙන් කර ගත හැකි මේ ස්වාභාවික සත්කාරය අත්හදා බලන්න.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!