page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / දේශපාලන / මහින්ද – මෝදි – ගෝඨා හොර රහසේ, විමල්ටත් හොරෙන් කතා කළේ මොනවාද?

මහින්ද – මෝදි – ගෝඨා හොර රහසේ, විමල්ටත් හොරෙන් කතා කළේ මොනවාද?

නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය සංචාරයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ වැඩි ප්‍රසාදයක් දක්වා තිබුණේ නැත. මෝදිගේ සංචාරයට විරෝධය දැක්වූ ඔහු කළු කොඩි ඔසවා මෝදිට විරෝධය දක්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා තිබුණේය.

එහෙත් මෝදිගේ නිල සංචාරයේ න්‍යාය පත්‍රය අතර මහින්ද හමුවීමට වේලාවක් වෙන්කර තිබුණේ නැත. එහෙත් හදිසියේම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෝදි – මහින්ද හමුවක් සංවිධානය කළේය.

ඉන්දීය අගමැතිතුමාගේ හමුවීමට මහකොමසාරිස්තුමාගේ නිවසට එන්න ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මහින්දට දුරකථනයෙන් දැනුම් දුන්ණේය. ඒ අනුව මහින්ද, ජී.එල්. පීරිස් හිටපු ඇමැතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ කැඳවාගෙන මෝදි හමුවීමට ගියේය.

මහින්ද හමුවීමට පෙර මෝදි මෛත්‍රීගේ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව සිටියේය. රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, කරු ජයසූරිය, මංගල සමරවීර, නිමල් සිරිපාල ද සිල්වා විජේදාස රාජපක්ෂ ඇතුළු ඇමැතිවරු සමග රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටි මෝදි භෝජන සංග්‍රහය අවසන් කර ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසට ගියේ මහින්ද හමුවීමටය.

මහින්ද හමුවූ මෝදි විනාඩි හතළිස්පහක් පමණ වේලා කතාකළේ තේ පැන් සංග්‍රහයකටද එක්වෙමිනි. මේ සාකච්ඡාවේදී වෙනත් බාහිර පාර්ශ්ව නොමැතිව මහින්ද සමග මුහුණට මුහුණ සාකච්ඡා කළේය. රටේ වත්මන් දේශපාලන තත්ත්වය මහින්ද කරුණු දක්වනවිට ජී.එල්. සහ ගෝඨා සංවර්ධන ව්‍යාපෘති ගැන පැහැදිළි කරන්න විය.

ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් ගැඹුරු තීරණවලට මෙහිදී එළඹුණේ නැතත් දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. එහෙත් එසේ හුවමාරු වූ දේ මොනවාද යන්න ගැන කිසිවක් හෙළිනොකිරීමට මෝදිත් මහින්දත් එකඟතාවයකට පැමිණියහ.

මහින්ද මීට පෙර මෙවැනි හමුවීම් සඳහා ගෝඨා කැඳවාගෙන ගියේ නැත. එහෙත් මෙවර ගෝඨා එම හමුවට කැඳවාගෙන යාම කාගේත් අවධානයට යොමුවී තිබුණේය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!