page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / තරු හුට පට / අයිශ්ගේ ‘පැණි මකුළුවෝ’ තිරගත වෙයි

අයිශ්ගේ ‘පැණි මකුළුවෝ’ තිරගත වෙයි

නිරූපිකාවක ලෙස බොහෝ දෙනා දන්නා හඳුනන අයිශ් අතුකෝරාළ මේ වනවිට ලාංකේය සිනමාවට පිවිස සිටින්නීය. ඒ ඉසුරු මුදලිගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘පැණි මකුළුවෝ’ චිත්‍රපටය හරහායි. මෙහි ඇය දිනෙත් ද සිල්වා සමගින් ප්‍රධාන චරිතයට දායකව සිටියි. සිය කුලුඳුල් සිනමා රංගනය පිළිබඳව අයිශ් ‘සාරවිට’ අපිට දැක්වුයේ මෙවැනි අදහසකි.

“‘පැණි මකුළුවෝ’ කියන්නේ මගේ පළමු චිත්‍රපටය. මේ චිත්‍රපටය සඳහා අවස්ථාව ලබාදුන්නේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන දිනෙත්. මම මෙහි රඟපාන්නේ සනත් ගුණතිලක මහත්මයාගේ බිරිඳ විදිහට. ඔහු වැනි ප්‍රවිණයෙකු සමග පළමු සිනමා රංගනයට එක්වෙන්න ලැබීම මා ලද භාග්‍යයක් කියලා සඳහන් කරන්න පුළුවන්. ‘පැණි මකුළුවෝ’ චිත්‍රපටයෙන් පස්සේ මට තවත් චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් එකක් තමයි සනත් ගුණතිලක මහත්මයා අධ්‍යක්ෂණය කරන ‘මංගල තෑග්ග’ දෙවැනි චිත්‍රපටය. එයටත් මට සම්බන්ධ වෙන්න ලැබුණේ සනත් ගුණතිලක මහත්මයාගේ ආරාධනාවක් මත. ඊට අමතරව ප්‍රදීප් ධර්මදාසගේ ‘අයිස් ක්‍රිම්’ චිත්‍රපටය තුළිනුත් ඉදිරියේදී මාව දකින්න පුළුවන් වේවි.”

-සාරවිට

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!