page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන

මුස්‌ලිම් දේශපාලකයෝ අක්‌කර 30000 ක්‌ බලෙන් අල්ලාගෙන

රට පුරා තම ජනයාගේ කලාප පිහිටුවීමේ අරමුණින් මුස්‌ලිම් දේශපාලනඥයින් මෙරට ඉඩම් අක්‌කර තිස්‌දහසකට වඩා වැඩි ප්‍රමාණයක්‌ නීති විරෝධී ලෙස මේ වන විට අත්පත් කරගෙන ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (19 වැනිදා) සඳහන් කළහ.

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි මුලතිව්, මන්නාරම, එරාවුර් ප්‍රදේශයන්හි වන සංරක්‍ෂණ රක්‍ෂිත ආශ්‍රිතව ඉඩම් විශාල වශයෙන් අත් පත් කරගෙන ඇති බවට චෝදනා කළ ඥානසාර හිමියෝ ඊට සාපේක්‍ෂව අනෙකුත් පළාත්වලද ඉඩම් ක්‍රම ක්‍රමයෙන් ඔවුන් අත්පත් කර ගනිමින් සිටින බවද කීහ.

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි අක්‌කර පනහේ සියයේ ඉඩම් සාමාන්‍ය වටිනාකමට වඩා වැඩි මුදලක්‌ දී ලබාගෙන ඉදිරි අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් වෙන් කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.යුද ගැටුම් අවසන් වීමෙත් පසු මෙම තත්ත්වය තීව්‍ර වී ඇති බවත් මෙය නතර කිරීම සඳහා බලධාරීන් වහා කටයුතු කළ යුතු බවත් පූජ්‍ය ඥානසාර හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!