page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / තරු හුට පට / අවුරුදු 19දී මම දුෂණයට ලක් වුණේ, ඒ කැමරාවක් ඉස්සරහදි

අවුරුදු 19දී මම දුෂණයට ලක් වුණේ, ඒ කැමරාවක් ඉස්සරහදි

අනුෂා සොනාලි කියන්නේ සිනමාව වගේම පුංචි තිරයත් එක්ක නිරන්තරයෙන්ම ගණුදෙනු කළ රංගන ශිල්පිණියක්. විසි දැල චිත්‍රපටිය නිසා ඇය කතාබහට ලක් වුණු චරිතයක්.90දශකයේ රංගනයට අවතීර්ණ වුණ අනුෂා විවිධ චරිත ඔස්සේ කැමරා කාචය ඉදිරියේදී දකින්න ලැබුණත් පසුගිය වර්ෂ හත අටක් ඇගේ රංගනය සිනමාවේ හෝ පුංචි තිරය තුලින් දකින්න ලැබුණේ නැහැ. ඒ ඇය මයෝපති නමැති මාංශ පේශි රෝගයෙන් එක්තැන් වුණ නිසයි.

දැන් අනුෂා සොනාලිව රසිකයින්ට අමතකයි නේ?
මම රංගනයට අවතීර්ණ වුන කාලයේ ඉදලම ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත කෙනෙක් වගේම මට තාමත් ආදරය කරන රසිකයින් පිරිසක් ඉන්නවා.

අසනීපයෙන් නේද ඉන්නේ?
ඔව් මයෝපති කියන රෝගය නිසා මම දැන් අවුරුදු හතරක ඉදලා එක්තැන් වෙලා ඉන්නේ, රසිකයින් වගේම යාළුවොත් මට පුළුවන් විදිහට උදව් කරනවා.

අසනීප තත්වය හේතුවක් කරගෙන මුදල් උපයනවා කියලාත් සමහරු කියනවා නේද?
සමහරු එහෙම කතා කියනවා, නමුත් මම හම්බකරපු සල්ලි වලින් තමයි මගේ අම්මා, තාත්තාව බලගත්තේ, මම කාගෙවත් පස්සේ ගිහින් ප්‍රසිද්ධ වෙන කෙනෙක්වත් ඒ මුවාවෙන් සල්ලි හොයන කෙනෙක්වත් නෙමෙයි.

ඔයා ඒ කාලේ කැමරාව ඉදිරියේ සීමාවක් නැතිව රගපෑවා නේද?
කැමරාවක් ඉදිරියේ මම දුෂණයට ලක්වෙනකොට මගේ වයස අවුරුදු 19යි.කිසිම අත්දැකීමක් නැතිව අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් මම ඒ වගේ චරිත හොදින් කළා.

ඔබ අඩ නිරුවතින් රගපානවට දෙමව්පියන්ගෙන් ප්‍රශ්න ආවේ නැද්ද?
මට එයාලා කිසිම දෙයක් කිව්වේ නැහැ, මොකද ඕනෑම කෙනෙක් දන්නවා ඒක රගපෑමක් විතරයි කියලා.

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!