page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / තරු හුට පට / වෙනස්ම ගේමක් ගහන තමාෂා | ViDEO

වෙනස්ම ගේමක් ගහන තමාෂා | ViDEO

ජීව වෛද්‍ය විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබමින් වෙනස්ම ආරක කටයුත්තක නියැලිලා සිටින රුවැත්තියක් පසුගිය දවසක අපට මුණ ගැසුනා. ඇය තමාෂා. ඒ වෙනස්ම දේ ගැන විස්තර දැනගන්න අපි තමාෂා සමග පුංචි කතාබහක නිතර වුනා. මේ එහි අවස්ථා කිහිපයක්.

ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?
මම තමාෂා ජයසූරිය. හෝමාගම තමයි පදිංචිය. වයස අවුරුදු 24යි. දැනට ජීව වෛද්‍ය විද්‍යා ශිෂ්‍යාවක් ලෙස අවසන් වසරේ ඉගෙනුම ලබනවා. ඊට අමතරව සෙවනැලි නාට්‍ය (Shadow Drama) පිළිබදව වැඩකටයුතු කරගෙන යනවා.

ඉතින් කොහොමද ඒ වැඩකටයුතු?

හරිම ආසාවෙන් කරගෙන යනවා. අපිට සහයෝගයක් දෙන්න කවුරුත් නැහැ. අපේ කණ්ඩායමේ හැමෝගෙම මහන්සියෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ.

Shadow Drama වලට යොමුවීම සිද්ධවෙන්නේ කොහොමද?
2012 උසස් පෙළින් පස්සේ මට ඕනෙ වුනා වෙනස් දෙයක් කරන්න. ලංකාවේ කවුරුත් කරලා නැති විදියෙ දෙයක් කරන්න. ඒ නිසා තමයි Internet එකෙන් බලලා කරලා මේවගේ දෙයකට යොමු වුනේ.

ඔබේ කණ්ඩායම පිළිබඳවත් කියන්මු නේද?
මගේ Crew එකේ 10 දෙනෙක් ඉන්නවා. ඒ හැමෝම අධ්‍යාපනය කටයුතුවල නිරත වන ශිෂ්‍යයින්. වයස අවුරුදු 25ට අඩු අය එකතු වෙලා කරන වැඩක් මේක.

කොහොමද ඒ කණ්ඩායමට ගැලපෙන පිරිසක් එකතු කරත්තේ?
මම 2012 දී මේ දේ පටන්ගත්තේ Class ආව කොළඹ අවට යහළුවන් පිරිසක් එකතු කරගෙන. පස්සේ සම්මුඛ පරීක්ෂණයක් තියලා ජිම්නාස්ටික් (Gymnastic) කරලා තියෙන අයව මේ සඳහා තෝරාගත්තා.

ඔබ නිවේදන කටයුතුත් කරනවානේද?
ඔව්. පොඩිකාලේ ඉඳන්ම ඒ සඳහාත් ආසාවක් තිබුණා. පසුව CSN නාලිකාවේ මලිත් අයියාගෙන් ලැබුන ආරාධනාවකට තමයි ඒ සඳහා යොමු වුනේ. එහි ‘හිමිදිරිය’ කියන සජීව වැඩසටහන කළා. ඒ වගේම Music Chart Show එකක් කළා. දැන් නිදහස් නිවේදිකාවක් (freelance) ලෙස වැඩකටයුතු කරගෙන යනවා. අධ්‍යාපනය නිසා වැඩකටයුතු ගොඩක් භාරගන්නේ නැහැ.

ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද?
මගේ අරමුණ Shadow Art කියන එක ලංකාවේ ස්ථාවර කරන එක. මම වෘත්තීයෙන් විද්‍යාඥවරියන් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබට උදව් කරන මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
මම අදහන දෙවියන් වහන්සේට ස්තූතිවන්ත විය යුතුයි. මගේ දෙමව්පියන් වගේම මගේ Crew එක මතක් කළ යුතුයි.

බලන්නකො මෙයාලාගේ වැඩ කොහොමද කියලා

මිතුරන්ටත් බලන්න පහතින් Share කරන්න

Check Also

ශලනි – දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප‍්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!