page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / සුව අරණ / මත්පැනට හුරු ස්ත්‍රියට රතු එලියක් පියයුරු රැක ගන්න මේ ගැනත් දැනගන්න

මත්පැනට හුරු ස්ත්‍රියට රතු එලියක් පියයුරු රැක ගන්න මේ ගැනත් දැනගන්න

මත්පැන් පානයට හුරු කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ බව නවතම පර්යේෂණයකින් තවදුරටත් සනාථ වෙයි.
පිළිකා පර්යේෂණ සඳහාවන ලෝක අරමුදල නිකුත්කළ වාර්තාවේ සඳහන් වන්නේ දිනකට වයින් වීදුරු භාගයක් හෝ බීර කුඩා ප්‍රමාණයක් පානය කිරීමෙන් පවා පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යන බවය.

නමුත් ශාරීරික ව්‍යායාම තීව්‍ර ලෙස සිදුකිරීම මගින් අවදානම අඩුකරගත හැකි බවද මෙම පර්යේෂණය තුළින් සනාථවී තිබේ.
කාන්තාවන් මිලියන දොළහකගේ වෛද්‍ය වාර්තා පදනම් කරගනිමින් සිදු කරන ලද අධ්‍යයනයන් සියයකට අධික ප්‍රමාණයක් මෙම නව පර්යේෂණය සඳහා යොදා ගෙන ඇත.

කෙසේ නමුත් විද්‍යාඥයන් පවසන්නේ පිළිකාවක් ඇතිවීම සඳහා ශරීරයේ හෝර්මෝන මට්ටම, ජීවන ශෛලිය සහ වෙනත් සෞඛ්‍යමය ගැටළු වැනි විවිධාකාර හේතුන් බලපාන බවය.

තම පවුලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැළඳී ඇත්නම්, මාස්ශුද්ධිය නතරවීමෙන් පසු හෝ වයස අවුරුදු 50 ඉක්මවීමෙන් පසු කාන්තාවකට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසති.

එමෙන්ම උසින් වැඩි කාන්තාවන්ට සහ වයස අවුරුදු 12ට කලින් ආර්තවය (මාස්ශුද්ධිය) ආරම්භ වූ කාන්තාවට ද මෙම අවදානම වැඩි බවට වෛද්‍යවරු විශ්වාස කරති.

එවැනි සාධක 18ක් ඇතුළත් නවතම පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ මත්පැන් පානය ඉන් එක් සාධකයක් පමණක් බවය.

තවත් කාන්තාවක් දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!