page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / එසැණ පුවත් / තවදුරටත් නායයාමේ අවදානම් දිස්ත්‍රික්ක 7 කට රතු නිවේදන

තවදුරටත් නායයාමේ අවදානම් දිස්ත්‍රික්ක 7 කට රතු නිවේදන

දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අවදානමක් තිබෙන බව සඳහන් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනයක් නිකුත් කළේය.

ඉදිරි පැය 24 කාලයේදීත් වර්ෂාපතනය අඛණ්ඩව පැවැතිය හොත් නායයෑමේ අවදානම සහිත කඳුබෑවුම්වලින් ඉවත් වන්නැයි ද එම ආයතනය මහජනතාවට දැනුම් දුන් අතර අදාළ නිවේදනය හෙට 29 දහවල් 1 දක්වා වලංගු වේ.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම පවතියි. නායයෑම් අවදානම තිබෙන දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙසේය.

රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, ඉඹුල්පේ, කිරිඇල්ල, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල

මහනුවර
ගඟ ඉහ ඉද්දර කෝරළේ

කෑගල්ල
බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට

කළුතර
බුලත්සිංහල, වල්ලාවිට, අගලවත්ත සහ බදුරලිය

ගාල්ල
බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම සහ නාගොඩ

හම්බන්තොට
වලස්මුල්ල සහ කටුවාන

මාතර
කොටපොල, පස්ගොඩ, පිටබැද්දර සහ මූලටියන

තවත් අයෙකුගේ දැනුවත් වීම පිණිස share කරන්න අමතක කරන්න එපා

Check Also

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට : ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැත

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!