page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / දන්සල් මුදල් අසරණ ජනතාවට දෙන්න

දන්සල් මුදල් අසරණ ජනතාවට දෙන්න

පොසොන් උත්සවය වෙනුවෙන් සංවිධානය කර ඇති උත්සව හා දන්සල් ආදිය සඳහා වියදම් කිරීමට නියමිත මුදල් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට ලබාදෙන ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක මහානායක අති පූඡ්‍ය වරකාගොඩ ඤානරතන මහනාහිමියන් පවසනවා.

“අසරණ වී ඇති අපේ රටේ ඡනතාවට ඒ ඒ ලැබෙන දේ ඒ අයට සාධාරන අයුරින් බෙදෙන්නට උදවු උපකාර කිරීමේ ක්‍රමවත් විධිමත් පිළිවෙලක් තිබිය යුතුයි. අපේ බෞද්ධ මහා සංඝරත්නය වගේම අපේ බෞද්ධ පිංවතුන් පිංකටයුතු ආදියට විශේෂ ලැදියාවක් දක්වන පිරිසක්.

එම නිසා විශේෂයෙන් අපේ බෞද්ධ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේලාගේ  දායකකාරාධින් දැනුවත් කර අසරණ ඡනතාවට ලැබෙන දේ සාධාරණව ලැබෙන ආකාරයේ නිසි වැඩ පිළිවෙලක් ඇති කිරිම සොයා බලා උපදෙස් ලබා දෙන ලෙසයි.”

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!