page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ජීවිත 8ක් බේරා අවසන් ගමන් ගිය ගුවන් සෙබළා බල ලත් නිලධාරී තනතුරට

ජීවිත 8ක් බේරා අවසන් ගමන් ගිය ගුවන් සෙබළා බල ලත් නිලධාරී තනතුරට

පසුගිය සිකුරාදා නෙළුව දූවිලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවේ ගංවතුරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනෙකු ගුවනින් ගොස් බේරා ගැනීමේ ක්‍රියාන්විතයක යෙදී සිටියදී හදීසි අනතුරකින් මිය ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහන ගුවන් භට සැරයන් වයි.එම්.සේනක යාපා රත්න මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලලත් නිලධාරී වරයෙකු ලෙස උසස් කොට ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

දේහය මේ වන විට ජා ඇළ කොටු ගොඩ බටහිර නැදගමුවේ 303/5 නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ගුවන් හමුදා ගෞරවාචාර මැද හෙට කොටුගොඩ ප්‍රසිද්ධ සුසාන භූමියේ සිදු කිරීමට නියමිතව ඇත.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!