page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Breaking news : දිස්ත්‍රික්ක 8ට බලපැවැත්වෙන අනතුරු ඇඟවීම් තාමත් වලංගුයි..

Breaking news : දිස්ත්‍රික්ක 8ට බලපැවැත්වෙන අනතුරු ඇඟවීම් තාමත් වලංගුයි..

දිස්ත්‍රීක් 08ක් සඳහා නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම් තවුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.ඊයේ පස්වරුවේ නිකුත් කල නිවේදනයට අනුව කඳු ආශ්‍රිතව ජිවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රීක්කයේ රත්නපුර, ඇළපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, ඉඹුල්පෙ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න, කිරිඇල්ල සහ නිවිතිගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල මෙන්ම කෑගල්ල දිස්ත්‍රීක්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට, දෙහිඹ්විට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල ද මෙම නායයාම් අවදානම පවතියි.

ගාල්ල දිස්ත්‍රීක්කයේ බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියාගම සහ නාගෙඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කළුතර දිස්ත්‍රීක්කයේ බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට, බදුරලිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ද නායයාමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

මේ අතර මාතර දිස්ත්‍රීක්කයේ කොටපොල, පස්ගොඩ, පිටබැද්දර සහ මුලටියන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලත්, හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලත් මහනුවර දිස්ත්‍රීක්කයේ ගඟඉහළකෝරලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේත් නුවරඑළිය දිස්ත්‍රීක්කයේ අඹගමුව සහ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලත් නායයෑමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

ඔබත් ජීවත් වෙන්නේ ඉහතින් සදහන් කල දිස්ත්‍රීක්ක වලන්ම් අවදානයෙන් පසුවෙන්න කියලා අපි හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

සැවොම දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!