page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මේ වහින වැස්ස ගැන කියන්න අපිට තියන තාක්ෂණයත් මදි

මේ වහින වැස්ස ගැන කියන්න අපිට තියන තාක්ෂණයත් මදි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව දැනට පවතින තාක්ෂණය අනුව වර්ෂාව සහිත තත්ත්වයකදී එක් ප්‍රදේශයකට කොයිතරම් ප්‍රමාණයක වර්ෂාපතනයක් ලැබේදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වී ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආර්. ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

පවතින දත්ත අනුව ඉකුත් 25-26 දිනවල මිලිමීටර 100 පමණ වර්ෂාපතනයක් ලැබිය හැකි බවක් පෙන්නුම් කළද 26 දා උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ මිලීමීටර 553 ක උපරිම වර්ෂාපතනයක් ලැබි තිබූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එබැවින් එවන් අවස්ථාවල පවතින දත්ත මත දැනට ප්‍රකාශ කළ හැකි වන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව පමණක් යැයිද හෙතෙම කීය. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ

තාක්ෂණය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බවත්, එම කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත්, එස්. ආර්. ජයසේකර මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!