page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / එසැණ පුවත් / රත්නපුරේ ගංවතුර යළි ඉහළට | අවධානයෙන් පසුවන්න

රත්නපුරේ ගංවතුර යළි ඉහළට | අවධානයෙන් පසුවන්න

කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට නැවතත් ගං වතුර අවධානමක් ඇතිව තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව රත්නපුර අවට ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එසේම කැළණි ගඟ, නිල්වලා ගඟ හා ගිං ගඟේ ජල මට්ටමද සාමාන්‍ය තත්වයට පත්වෙමින් තබෙන බවද මධ්‍යස්ථානය සඳහන් කරයි.

කඳු ආශ්‍රිතව ජිවත් වන ජනතාවද මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇළපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පෙ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පුද්ගලයින් විමසිල්ලෙන් සිටින්න.

රත්නපුරේ ජනතාවගේ දැනුවත් වීම උදෙසා පහතින් share කරන්න

Check Also

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට : ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැත

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!