page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / කැලණි ගඟ තරමක් සන්සුන් වෙයි.. ඉදිරි දින දෙකේදීත් තද වැසි..

කැලණි ගඟ තරමක් සන්සුන් වෙයි.. ඉදිරි දින දෙකේදීත් තද වැසි..

කැලණි ග‍ඟේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් කැලණි ගඟ ආශ්‍රිත අගනුවර හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර තත්ත්වය තාවකාලිකව පහව ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

අද (29) පස්වරු 12.30 ට ලබා ගත් ජල මාපක දත්තයන් අනුව කැලණි ග‍ඟේ සුළු ගංවතුර තත්ත්වයක් හෝ වාර්තා නොවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටී.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාත තත්ත්වය සුළි කුණාටුවක් වී ගමන් කිරීමේදී සුළං රටාවේ වෙනසක් සිදුවුවහොත් අද (29) හා හෙට (30) ද ප්‍රදේශ රැසක යළි තද වැසි ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඒ අනුව විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල එලෙස වැසි ඇතිවිය හැකි අතර ඇතැම් අවස්ථාවල මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආර්. ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යා හැකිය

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!