page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / එසැණ පුවත් / පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

රට තුල පවතින ආපදා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහය අඛණ්ඩව ලැබෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේ වන විට ප්‍රධාන පෙළේ රජ්‍යයන් 18ක් ශ්‍රී ලංකාවට විවිධ අයුරින් ආධාර ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද පෙරවරුවේ කොළඹ වරායට ළඟා වූ ඉන්දියාවේ ජලාශ්වා (Jalashwa) නෞකාවෙන් මෙරටට ගෙන එනු ලැබූ සහනාධාර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඉන්දියානු රජය එවනු ලැබු තෙවැනි සහනාධාර නෞකාවද මෙය වේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සිංධුර් මහතා විසින් සහනාධාර තොගය විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දෙනු ලැබීය.

මෙම නෞකාවෙන් වියලි අහාර ද්‍රව්‍ය, පානිය ජලය අවතැන්වුවන් ගලවා ගැනීම සඳහාවන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර ගෙනවිත් තිබේ.

එමෙන්ම, මෙම නෞකාවෙන් ජංගම රෝහලක් විශේෂ වෛද්‍ය කණ්ඩායමක්, ඉහල පුහුණුව ලත් කිමිදුම්කරුවන් කණ්ඩායමක්ද ශ්‍රී ලංකාවට ඒවා තිබේ. හදිසි අවස්ථාවකදී භාවිතා කිරීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක්ද ඒ අතර වේ.

මේ අතර ඊශ්‍රායල් රජයද අවතැන් වුවන් සඳහා සහනාධාර තොගයක් ශ්‍රී ලංකා රජයට භාර දෙනු ලැබිය.

Check Also

ජනාධිපතිගේ වෙබ් අඩවියට ISIS ත්‍රස්‌ත ප්‍රහාරයක්

2016 අගෝස්‌තු 29 වැනි දින මෙරට තුළ මහත් ආන්දොaලනයකට තුඩුදුන් පුවතක්‌ මැවීමට 17 හැවිරිදි පාසල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!