page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / බලාගෙනයි! නිල්වලාවේ කිඹුල්ලු ගංවතුරත් සමග ගොඩ එති

බලාගෙනයි! නිල්වලාවේ කිඹුල්ලු ගංවතුරත් සමග ගොඩ එති

මාතර නිල්වලා ගඟේ කිඹුලන් ගංවතුරත් සමඟ ගොඩ බිම්වලට පැමිණීමට බොහෝදුරට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව දැඩි සෙවිල්ලෙන් පසුවෙන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම කිඹුලන් ගණන කොපමණදැයි නිශ්චය කිරීමට නොහැකි බවද නිකරුණේ ගංවතුරට බැසීමෙන් වළකින ලෙසද වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ගංවතුර බැස යද්දී කිඹුලන් යළිත් ගංගාවලට යැමට ඉඩ ඇති නිසා වනජීවී නිලධාරීන් ඒ පිළිබඳව සෙවිල්ලෙන් පසුවෙන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

ගංවතුරට කොටු වූවන් හැර ගං වතුර දැක බලා ගැනීමට පැමිණෙන බොහෝ දෙනෙකු වතුරට බසින බවද කිඹුලන් නිසා මෙය ඉතා අනතුරුදායක බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.ගං වතුරත් සමඟ කිඹුල් බියක්‌ පැතිරී තිබෙන බව මාතර දිස්‌ත්‍රික්‌ ලේකම් ප්‍රදීප් රත්නායක මහතාද දැනුම් දීමක්‌ කර තිබේ.

දිවයින පුවත්පත

මේ පිලිබදව ජනතාව දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!