page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / facebook / අසරණ ජනවතාට දෙන්න එකතු කරපු බත් පතට ගමනාගමන අධිකාරීවරයාගේ විරෝධය

අසරණ ජනවතාට දෙන්න එකතු කරපු බත් පතට ගමනාගමන අධිකාරීවරයාගේ විරෝධය

ෆේස්බුක් සමාජජාලය හරහා ගොඩනැගුනු ස්වේච්ජා සහන කණ්ඩායමක් විසින් අද(30) උදෑසන මරදාන දුම්රිය පොලේ සිදුකල අවතැන් වූවන් සදහා දිවා ආහාර සහ ජල බෝතල් එකතු කිරීමේ සමාජ සත්කාරයට ගමනාගමන අධිකාරී විජය සමරසිංහ විසින් බාධා එල්ල කර ඇති බව වාර්තා වේ.

අවතැන් වූ ජනතාවගේ කුසගින්න නිවාදැමීම සඳහා දුම්රිය මගින් කොළඹට පැමිණෙන ජනතාව රැගෙන එන බත් පැකට් එකතු කර රත්මලාන ගුවන් හමුදා කඳවුරට භාර දීම මෙම ස්වේච්ජා කණ්ඩායමේ අරමුණ වී ඇත. නමුත් ගමනාගමන අධිකාරීවරයා එයට දැඩි ලෙස විරුද්ධත්වය පළකර ඇති අතර තමන් විසින් රූපවාහිනී නාලිකාවක් සමඟ එක්ව හෙට දිනයේදී මරදාන දුම්රිය පොලේ ආධාර එකතු කිරීමේ වැඩසටහනක් දියත් කරන බැවින් මෙම දිවා ආහාර වැඩසටහනට ඉඩ දිය නොහැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද පැමිණි බාධා නොතකා බත් පැකට් 2600 පමණ රත්මලාන ගුවන් හමුදා කඳවුරට භාරදීමට එම තරුණ පිරිස සමත්වූ අතර එම ආහාර පැකට් මේ වනවිට පීඩාවට පත්ව සිටින ජනතාවගේ කුසගින්න නිවීම සඳහා ගුවන් මගින් අදාළ කඳවුරු වෙත යවා තිබෙන බව ගුවන් හමුදා ආරංචි මාර්ග තහවුරු කලා.

දුම් රිය මගීන් ගෙනවිත් භාරදුන් වතුර බෝතල් සහ අනෙකුත් ද්‍රව්‍යමය ආධාර ගමනාගමන අධිකාරීවරයා තමන්ගේ භාරයට ගෙන තිබේ. ඔහුගේ බාධා කිරීම් නිසා මෙම වැඩසටහන හෙට දිනයේ ක්‍රියාත්මක නොකර අවලංගු කිරීමට එම තරුණ පිරිස තීරණය කර ඇත.මේ මෝඩ, තකතීරු පාහර ගමනාගමන අධිකාරීවරයා නිසා හෙට දිනයේදී එක් මිනිසෙකු හෝ බඩගින්නේ සිටියහොත් ඔහුගේ පරම්පරාවටම ඒ සාපය වදිනු ඇති බව පමණක් අප මෙසේ ලියා තබන්නෙමු.

උපුටා ගැනීම - ගොසිප් හට්
උපුටා ගැනීම – ගොසිප් හට්

Check Also

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ගෙන ආ විසඳුම්වලට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය

මාලබේ සයිටම් ආයතනයේ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කරමින් ගෙන ආ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!