page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතින්ගේ මාසික වැටුප සහන සැලසීමට

එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතින්ගේ මාසික වැටුප සහන සැලසීමට

එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා වෙන්කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඊයේ (29දා) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එලෙස එකතුවන මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප ආපදාවට ලක් වූ ප්‍රදේශවල පාසල් දරුවන්ගේ පෙළපොත් ඇතුළු පාසල් අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය

විශේෂයෙන් මෙම ගංවතුර අවධානමට ලක්වූ දිස්ත්‍රික්කවල පාසල් වල ඇති විනාශයට පත්වූ හෝ පැරණි වූ හෝ අබලන්වූ ගොඩනැගිලි පිළිබඳව තොරතුරු ලබාගෙන, කඩිනමින් පාසල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව එතුමන් වැඩි දුරටත් සදහන් කළා..

වීඩියෝව පහතින් බලන්න..

Check Also

හම්බන්තොට උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් – හම්බන්තොට උද්ඝෝෂකයින් 26ක් අත්අඩංගුවට – වීඩියෝ

මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!