page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / විනාශ වූ නිවසකට ලක්ෂ 25 ක් : විනාශ වූ ව්‍යාපාර වලට මුදලින් වන්දි

විනාශ වූ නිවසකට ලක්ෂ 25 ක් : විනාශ වූ ව්‍යාපාර වලට මුදලින් වන්දි

නවතම සංඛ්‍යාලේඛණ අනුව ගංවතුර සහ නාය යෑම් වල විනාශයේ තරම ඉහළ ගොස් තිබේ. කළමණාකරන මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාව අනුව මිය ගිය සංඛ්‍යාව 203 ක් වන අතර අතුරුදහන් සංඛ්‍යාව 99 කි. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 1402 ක් වන අතර අර්ධ වශයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 7071 කි. අවතැන් වූ ජනතාව ලක්ෂ 6 ඉක්මවා ඇති අතර එය 604713 කි.

මේ අතර රජය විනාශ වූ සෑම නිවසකටම උපරිමය ලක්ෂ 25 දක්වා මුදලින් වන්දි ගෙවීමට තීරණය කර ඇති අතර මරණයක රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ප්‍රදානය කරනු ඇත. රජය ප්‍රථමවරට මේ රටේ තිබෙන සෑම නීත්‍යානුකූල නිවසක්ම රක්ෂණය කර ඇති අතර, ඒ යටතේ මේ මුදල ලබා දෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. හදිසි ආපදාවලින් මහජනතාවගේ ජීවිත හා දේපොලවලට සිදුවන හානි පූර්ණය කිරීම සඳහා මේ වසරට පමණක් රුපියල් කෝටි 1500 (රු.බිලියන 15) ජාතික රක්ෂණාවරණයක් ක්‍රියාවට නැංවීමට ඊයේ (30) ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. වන්දි මුදල් ගෙවනුයේ ඒ අනුව ය.

ආපදාවට පත් අනවසර පදිංචිකරුවන් සියලුම දෙනාට විකල්ප ස්ථාන ලබා දී මේ ප්‍රදේශවලින් ඉවත් කරන අතර යළි කිසි දිනක එම ස්ථානවල ඔවුන්ට පදිංචි වීමට ඉඩ නොතබන බව ද රාජිත සේනාරත්න පැවසීය.

ව්‍යාපාර විනාශ වූ සුළු ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර යලි ආරම්භ කිරීමට රුපියල් බිලියන 2 ක (කෝටි 200ක්) මුදල් වෙන් කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකාවේ විදේශ ආපදා සහන කණ්ඩායම (OFDA) සහ යුරෝපීය මහජන ආරක්ෂක සහ මානව ආධාර මෙහෙයුම (ECHO) ශ්‍රී ලංකාවට ආධාර කිරීමට කටයුතු කර ඇතැයි පවසයි. ඔවුන් පිරිසිදු ජලය, හදිසි නිවාස, සෞඛ්‍ය, ආහාර සැපයීම් වලින් ආධාර කෙරෙනු ඇත.

අර්ධ හෝ පූර්ණ වශයෙන් රෝහල් 16 ක් ගංවතුරට යට වීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි එක්සත් ජාතීන්ගේ කාර්යාලය කියයි.

පිසූ ආහාර ගුවනින් සැපයීම දැන් අනවශ්‍ය බවද ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් ඒ සඳහා කටයුතු යොදා ඇති බවද ඊයේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී හෙළිකෙරිණ. අඩාල වූ ජල සැපයුම් පද්ධතිය සියයට 80 ක් යලි යථා තත්වයට පත් කර ඇතැයිද පැවසිණ.

-ලංකා ඊ නිව්ස්

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!