page hit counter
Monday , October 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / නායයැමෙන්, ගංවතුරෙන් පාසල් දරුවෝ 44 ක්‌ මරුට

නායයැමෙන්, ගංවතුරෙන් පාසල් දරුවෝ 44 ක්‌ මරුට

නායයැම් හා ගංවතුර ආපදා හේතුවෙන් මේ වන විට පාසල් දරුවන් හතළිස්‌ හතර දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තවත් අට දෙනෙක්‌ අතුරුදන්ව සිටිති.ආපදා නිසා සම්පූර්ණයෙන් හානියට පත් පාසල් සංඛ්‍යාව 77 කි.සබරගමුව පළාතේ සිසුන් 17 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර ඉන් පහළොස්‌ දෙනෙක්‌ රත්නපුර හා නිවිතිගල කලාපවලට අයත් වෙති. ඉතිරි දෙදෙනා දෙහිඕවිට කලාපයේ දරුවන්ය.

බස්‌නාහිර පළාතේ කළුතර හා මතුගම කලාපයන්හි සිසුහු 17 දෙනෙක්‌ ද ජීවිතක්‍ෂයට පත් දරුවන් අතර වෙති.මාතර හා හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයන්හි ජීවිතක්‍ෂයට පත්ව ඇති දරුවන් සංඛ්‍යාව දස දෙනකු වන අතර අතුරුදන්ව සිටින දරුවන් අට දෙනාම මාතර දිස්‌ත්‍රික්‌කයෙනි.

මතුගම සහ කැලණිය යන කලාපයන්හි පමණක්‌ සිසුහු 7850 දෙනෙක්‌ අවතැන්ව සිටිති. මතුගම කලාපයේ පීඩාවට පත්ව සිටින ගුරු හා විදුහල්පතිවරු සංඛ්‍යාව 150 කි.

සුනාමි ව්‍යසනයෙන් පසු ස්‌වාභාවික ව්‍යසනයකදී මෙරට වැඩිම ජීවිත හානියක්‌ සිදුවූයේ මෙවර ගංවතුර උවදුරින් බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

මෙම ගංවතුර උවදුරින් ඊයේ දහවල් වනවිට දෙසිය තුන්දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර තවත් අනුහය දෙනෙකු අතුරුදන්ව ඇත.

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!