page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / එසැණ පුවත් / නුවර නුවරඑළිය සහ මාතලේ කඳු බෑවුම් නාය යාමේ අවදානමක.

නුවර නුවරඑළිය සහ මාතලේ කඳු බෑවුම් නාය යාමේ අවදානමක.

පසුගිය කාලය තුළ නාය ගිය ස්ථාන යළි සක්‍රීයවීමට ඇති හැකියාව අවම වන නමුත් අධික වර්ෂාව හමුවේ එම බෑවුම් සහිත ස්ථානවල පවතින නාය යාමේ අවදානම පහව ගොස් නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා පැවසීය.

අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දිනවල නාය යාමට හසුවූ ප්‍රදේශ පාෂාණ කුට්ටි, මැටි හා පස්වලින් සමන්විත කදු වශයෙන් පවතින බවත් එවැනි ස්ථාන නාය යෑමෙන් සිදුවන හානිය විශාල වන බව මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.මධ්‍යම කදුකරයේ මෙවැනි පස් කඳු නොමැති නමුත් අධික වර්ෂාව හමුවේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රිකවල බෑවුම් සහිත ස්ථාන නාය යාමට පත්විය හැකි යැයි ඒ මහතා කියයි.

මධ්‍යම කඳුකරයේ බොහෝ කඳු ප්‍රදේශ පාෂාණ වලින් යුත්ත බවත් උස් එවැනි ස්ථානවල ජනාවාස නොමැති නිසා සිදුවන දේපොල ප්‍රමාණය අවම වුවද සෑම අවස්ථාවකදීම එම බෑවුම් සහිත ස්ථානවල පදිංචිකරුවන් විමසිලිමත් විය යුතු යැයි මහාචාර්යවරයා කීය.

-මව්බිම

Check Also

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට : ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැත

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!