page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ලෝකය තුල ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය

ලෝකය තුල ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය

ලෝකය තුල ශ්‍රී ලංකාව ආකර්ශනීය තැනක් බවට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පස්වරුවේ විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි. රටතුල ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, විපතට පත් ජනතාවගේ ජන ජීවිතය නගා සිටු වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුව කැඳවා තිබිණි.

මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, ජපානය, චීනය, ඉන්දියාව, රුසියාව ආදී ලොව ප්‍රධාන පෙළේ රටවල් ඇතුළු රටවල් 134ක තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු සහභාගී වුහ.

මෙහිදී විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුභ පැතුම් එක් කළහ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ ශක්තිමත් කිරීම සඳහා සහය ලබා දෙන බවට සියළු තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහතික වූ බවයි. මසකට වරක් හමු වී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු මෙම හමුවේදී එකගතාවයකට පැමිණි බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කීය.

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!