page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / Astrology / සුපිරි තරුවක් වෙන්න පුළුවන්ද? හඳහනෙන් දැනගන්න

සුපිරි තරුවක් වෙන්න පුළුවන්ද? හඳහනෙන් දැනගන්න

ජොතිෂ්‍ය වූ කලී ඉතාම සුවිශේෂ වූ ශාස්ත්‍රයකි. මේ තුළින් පුද්ගල ජීවිතයේ සියලූ සංධිස්ථාන පිළිබඳ මනාව අවබෝධ කරගැනීමේ හැකියාව ජ්‍යොතිෂවේදියාට ඇත. එනම් ජොතිෂ්‍ය යනු තුන්කල් දක්නා ලද ශාස්ත්‍රයකි. ඉදිරි ජීවිතය, හටගන්නා රෝගාබාධ, රැකියාව හා හැකියාවන්, අධ්‍යාපනය, විවාහය, ධනය, ආදායම, වියදම, ඉදිරි අනාගත තත්ත්වයන්, දරුඵල, රූසපුව හෙවත් ලස්සන වීම, සුවිශේෂී දස්කම් ආදී මෙකී නොකී සියලූම දේ මේ උතුම් ශාස්ත්‍රයෙන් අපට කල්තියා අනාවරණය කරගත හැකිය.

අද අප මෙම ලිපිය මඟින් සාකච්ඡා කරනු ලබන්නේ එවන් වූ කෙනකුගේ නිවැරැදි උපන් ජන්ම පත්‍රයක් තුළින් දක්ෂ ජොතිෂ්‍ය වේදියකුට අවබෝධ කර ගත හැකි තවත් විශේෂිත වූ පුද්ගල ඉසව්වක් පිළිබඳවයි. ඒ ජනප්‍රිය තරුවක් වන්නට හඳහනේ ග්‍රහ පිහිටීම් බලපාන්නේද යන්න පිළිබඳවයි.

අද වත්මන් තරුණ පරපුර නව්‍යකරණයත් සමඟ බොහෝ ඉදිරියට ගොස් හමාරය. වත්මන් තරුණ තරු‚යන් අතරින් බහුතරයක් දෙනා වඩාත් කැමැති සමාජයේ කැපීපෙනෙන යහපත් චරිතයක් වීමටය. ඒ සඳහා නොයෙකුත් මානයන් ඔස්සේ පියනඟන වත්මන් තරුණ කැල උදෙසා බොහෝ අවස්ථාද අද සමාජය තුළ අපට ඛෙහෙවින් දැකගත හැකිය. කෙනකු ගීතය තුළින්, සිනමාව තුළින්, ටෙලිනාට්‍ය තුළින්, රූපවාහිනිය හා ගුවන්විදුලිය තුළින් එසේත් නැතිනම් දේශපාලනය, ජොතිෂ්‍ය තුළින් යන මේ කුමන හෝ ක්ෂේත්‍රයක් තුළින් සමාජයේ කැපීපෙනෙන ජනප්‍රිය චරිත බවට පත්වනු ඇත.

එසේ වූ සුපිරි තරු රැසක් අපට වත්මන් සමාජයෙන් දැකගත හැකිය. එසේම එක් රැයකින් මුළු මහත් සමාජයක් හඳුනන සුපිරි තරු බවට පත්වීමටත් සමාජයේ කෙනකු සමත් වන බව අපට නූතන සමාජයේ බොහෝ උදාහරණ ගෙනහැර දැක්විය හැකිය. එසේම එක් රැයකින් ජනප්‍රිය වී ක්ෂ‚කව බැස යන තාරකා මෙන්ම කාලයක් තිස්සේ ජනප්‍රියතාව එලෙසම පවත්වාගෙන යන අයද අපට වත්මන් සමාජය තුළ කොතෙකුත් දැකගත හැකිය.

තරුවක් වන්නට අලංකාර රූ සපුවක් අත්‍යවශ්‍ය සාධකයකි. එය ස්ත්‍රී පක්ෂයට විශේෂ වන අතර පුරුෂයන්ටද ඉතා වැදගත් වනු ඇත.

ලස්සන රූ සපුවකට අපි කවුරුත් ඉතා කැමැතියි. ප්‍රසන්න පෙනුමකින් යුත් මනා අඟපසඟයෙන් යුත් ශරීරයකට හිමිකම් කීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් ආශාවකි. සුපිරි තරුවක් වීමේ අත්‍යවශ්‍ය මෙන්ම වැදගත්ම අංගය ලස්සන රූ සපුවයි. ඉතින් රූසපුව හැඩවෙන්නේ කොහොමද? ඒ තුළින් තරුවක් වන්නේ කොහොමද? කියලා හඳහන අනුව ජොතිෂ්‍යානුකූලව ඒ පිළිබඳ විමසා බලමු.

මෙලොව උපදින ඕනෑම ජන්මියකුගේ උත්සාහය හා උනන්දුව මත මෙන්ම ජන්ම පතේ ග්‍රහ ශක්තිය මත පදනම්ව කේන්දරයේ මෙන්ම නවාංශකයේ පුර සඳු, සුබවාදී සිකුරු, රවි, ගුරු, බුධ ලග්නයෙන් 6, 8, 12 නොපිහිට වීම හා සුබ ස්ථානවල තැන්පත්වීම ඉතාම වැදගත් වනු ඇත.

වර්තමානයේ මාධ්‍ය මඟින් හා පුවත්පත් මෙන්ම සමාජයේ බොහෝ දෙනා කතාකරන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ රූසපුව හා සුපිරි තරු පිළිබඳයි. ඒ සඳහා විශේෂ තරග පවා අද සුලබව මාධ්‍ය තුළ දක්නට ඇත. සමාජයේ බොහෝ දෙනා ලස්සන වීමටත් තරුවක් වීමටත් ඉතා කැමැතිය. මේ සඳහා උදව් කරන්න බොහෝ දෙනා පෙළ ගැසී සිටී. ඒ අතරින් කාන්තාව රූසපුව හෙවත් ලස්සන ගැන කතා කිරීමේදී සුවිශේෂී චරිතයකි. කාන්තාවගේ මුහුණ පුන් සඳකට සමාන කරමින් අලංකාර කවි මෙන්ම රසවත් ගීපද වැල්ද නිර්මාණය විය.

මනා රූ සපුවෙන් යුත් ලලනාවක් දෙස කෙනකු දෙවරක් බලන්නේ කාන්තා ලාලිත්වය ඒ තරමටම සුන්දර නිසාය. පූර්ව ජන්මයේ කළ උතුම් පින් බල මහිමයෙන් අගනා රූ සපුවක් ස්ත්‍රියකට හෝ පුරුෂයකුට ලැබීම මොනතරම් අගනේද? කාන්තාවකට රූසපුව වටිනා ආභරණයකි. එම නිසා ඕනෑම වනිතාවක් තම ලස්සන කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. කෙනකුට උත්පත්තියෙන්ම ඉතාම අලංකාර රූ සපුවක් හිමිවන අතර තවත් කෙනෙක් ඒ සඳහා විශාල මුදලක් වියදම් කරමින් තම රූ සපුව කෘත්‍රිමව හැඩ කර ගැනීමට උත්සුක වන අවස්ථා අපට සමාජයේ කොතෙකුත් දැක ගැනීමට ලැබේ. ලස්සන වීමට ගොස් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ ශෝචනීය පුවත් රාශියක් අපට පසුගිය කාලයේ අසන්නට ලැබි‚.

එසේ නම් ලස්සන වීමේ රහස් මෙන්ම තරුවක් වීම ඔබගේ ජන්ම පත්‍රය තුළින් විමසා බැලීමේ හැකියාව ඇත. තරුවක් වීමේ අත්‍යවශ්‍ය අංගය වන අලංකාර රූ සපුවක් හිමිවීමට පුර පස සඳු, සිකුරු යන ග්‍රහයන් හඳහනේ බලවත්ව සුබ දෘෂ්ටි සහිතව සුබ ස්ථානයන්ගේ පිහිටා සිටීමත් රවි හා බුධ ග්‍රහයන්ගේ පිහිටීමත් රූ සපුව ගැන කතා කිරීමේදී ඉතා වැදගත්ය. එසේම ගුරු ග්‍රහයා පාප පීඩිත නොවී යහපත් ස්ථානයක සුබව පිහිටීමත් ඉතාම වැදගත් වනු ඇත.

රූපය වැඩි කරන තවත් ග්‍රහ පිහිටීමක් නම් සඳු බලවත්වීමයි. සඳු බලවත් වන ක්‍රම කීපයකි. රාශි බලයෙන් ස්ථාන බලයෙන් මෙන්ම අව පක්ෂයේ පුර පක්ෂයේ වීමෙන්ද සඳු බලවත් විය හැකියි. සඳු කාන්තා කේන්දරයක ඉතාම සුබව සිටිය යුතු වැදගත්ම ග්‍රහයෙකි.සිකුරු ග්‍රහයා රූප ස්වභාවය ඔප් නංවා ගැනීම වෙනුවෙන් මෙන්ම කලාව තුළ සුවිශේෂී චරිතයක් වීමට විශාල වැඩ කොටසක් කරන්නකු වශයෙන් හඳුනාගත හැකිය. සුන්දරත්වය ලැඛෙනුයේ සිකුරු ග්‍රහයාගේ බලය අනුවය. සිකුරු බලවත්වීමට බලපාන හේතු කීපයකි. විශේෂයෙන්ම සිකුරු පිහිටන්නේ කීවැනි කොටුවේද යන්න මෙහිදී වැදගත් වෙයි.රවි ග්‍රහයා ඉන් ඉතා වැදගත් වෙයි. රවි ග්‍රහයා ඉන් ඉතා වැදගත් වෙයි. රවි ග්‍රහයා කුජ සමඟ එකතුවීම නියත වශයෙන්ම ලස්සන රූපයකට හිමිකම් කීමට මෙන්ම තරුවක් වීමට අවස්ථාව ලබාදේ. රවි හා කුජ එකට සිටීමත් සම සප්තමව (එකඑල්ලේ) සිටීමත් රූමත් රූපයක් හා සමාජයේ ජනප්‍රියත්වයක් ලැබීමට උපකාරී වන ග්‍රහ පිහිටීමක් ලෙස පෙන්වා දිය හැකියි.

මෙහිදී 6/8/12 ස්ථානවල රවි හා කුජ නොසිටීම හොඳය. එලෙස පිහිටිය හොත් දරද~ු බවක් ඇති වන අතර රූපය යට වෙයි. පුරුෂයකුගේ ජන්ම පත්‍රයේ 6 වැන්නේ රවි හා කුජ සිටීම උස මහත ශරීරයක් ලබාදේ. එම නිසා පුරුෂයකුගේ රූපයට සාපේක්ෂව ආරෝහ පරිණාහ දේහයකට උරුමකම් කියනා බැවින් එය යහපත් පිහිටීමකි. ඉතාම සරලව පැවැසුවහොත් පුර පක්ෂයේ පෝයට දින අටක් පමණ තිබියදී සඳු බලවත් වන අතර පෝය ගෙවී සතියක් පමණ යන තෙක් මෙම බලය තිඛෙයි. අනෙක් දින දුර්වලයැයි මෙයින් ගම්‍ය වන්නේ නැත. මක්නිසාද හඳහනක බලය එක් ග්‍රහයකුගේ අතේ පමණක් ර¼දා නොපවතින අතර සියලූ ග්‍රහයන්ගේ පිහිටීම් යම් යම් තත්ත්වයන්ට සෘජුවම බලපැවැත්වෙන බවද අප මතක තබා ගත යුතුය. ජොතිෂ්‍ය ශාස්ත්‍රයේ පෙන්වා දෙන ආකාරයට රවි, කුජ, සිකුරු සංයෝගය ඉතාම බලසම්පන්නය. මෙම යෝගය තිඛෙන අය බොහෝ ලස්සන අතර ස්ථානයට අනුව අනෙක් සැප සම්පත්ද ලැඛෙන අය වෙයි. මෙම ග්‍රහයෝ තිදෙනාම 6/9/10/11 යන ස්ථානවල පිහිටීම ඉතාම වැදගත්ය. අනෙක් තැන්වල පිහිටීමෙන් ලස්සන ලැබුණත් වෙනත් අඩුපාඩු සහිත විය හැකියි. කෙසේ වෙතත් සිකුරු ග්‍රහයා පමණක් කොටු 12ම නරක නැත. එහෙත් විශේෂයෙන්ම ලස්සන ගැන මෙන්ම සුපිරි තරුවක් වීම පිළිබඳ කතා කරන විට 1/2/3/4/5/6/7/8/9/12/11 යන තැන්වල යෙදී තිබීම සුබයි. ජොතිෂ්‍ය විද්‍යාවේදී බුධ ග්‍රහයා හඳුන්වන්නේ ළමයෙකු ලෙසය. බුධ ග්‍රහයාගේ ලස්සන වෙන ආකාරයකට පිහිටීමට හැකියාවක් ඇත. බුධ 1 වැන්නේ පිහිටීමෙන් වයසට වඩා ළාබාල පෙනුමක් උරුම වෙයි. බුධ 4 වැන්නේදී බුද්ධිමත් බව හා රූපය ලැඛෙන අතර බුධ 6 වැන්නේදී ලස්සන රූප සම්පත්තියක් ලැබේ.

ගුරු ග්‍රහයාද ලස්සනට උදව් වෙතත් එය එතරම් ප්‍රබලව දක්නට ලැඛෙන්නේ නැත. ශරීරයේ උස් මිටි බව පාලනය කරන විශේෂයෙන්ම තරබාරු බව ඇති කරන ග්‍රහයකු ලෙසද ගුරු ග්‍රහයා හැඳින්වෙයි.

සෙනසුරු බලවත්ව සිටීම යහපත් වූ නමුත් රූමත් බව වැඩි කරන ස්ථානයක් පැහැදිලිව දක්නට නොමැත.

මෙලෙස කෙටියෙන් විස්තර කෙරුණද ඔබේ ජන්ම පත්‍රය දෙස පුළුල් අවධානය යොමු කිරීමෙන් මෙම කාරණා ඔබට සරලව තේරුම්ගත හැකිය.

මෙම කරුණු මෙලෙස සරලව දැක්විය හැකි නමුත් අලංකාර රූපයක් ලැබීමට නම් මෙම ග්‍රහ පිහිටීම් සියල්ලේම මනා සංකලනයක් තිබිය යුතු බව දැක්විය හැකිය.

අප මෙලෙස කොපමණ සඳහන් කළද කොපමණ ලස්සන තිබුණත් ගතිගුණ යහපත් නැත්නම් වැඩක් තිඛෙනවාද යන්න සිතා බැලිය යුතුය. මෙම සියල්ල සමඟම කාන්තාවකට හෝ පුරුෂයකුට තිබිය යුතු හොඳම ගුණාංගය විය යුත්තේ ගුණධර්මයන් වන අතර ගුණධර්මය නැතිනම් පලක් නැති බවද දැන සිටීම ඉතාම වැදගත්ය.

එසේ නම් පූර්ව ආත්ම භාවයේ අප කී කළ දේවල් මත මේ ආත්ම භාවයේ අප ලද රූ සපුවට හා සුපිරි තරුවක් වීමට අදාළ ග්‍රහ බල තත්ත්වයන් ඔබේ ජන්ම පතේ සටහන්ව ඇත. කෙනකුට ඉතා අලංකාර මනා වූ රූ සපුවක් ලැඛෙන්නත් එසේම ජනප්‍රිය තරුවක් වීමටත්, එසේම එක් රැයකින් ජනප්‍රිය වී ක්ෂ‚කව බැස යන තාරකා මෙන්ම කාලයක් තිස්සේ ජනප්‍රියතාව එකලෙස පවත්වාගෙන යන අයද අපට වත්මන් සමාජය තුළ කොතෙකුත් දැකගත හැකිය.

තවත් කෙනකුට එය නොලැඛෙන්නත් තවත් අයකුට සාමාන්‍ය රූපයක් ලැඛෙන්නත්, අදාළ වූ ග්‍රහ බලපෑම ඔබේ ජන්ම පතේම නිවැරැදිවම සටහන්ව ඇත. අප එය නිවැරැදිව අවබෝධ කර ගැනීම තුළින් මා ඉහත සඳහන් කළ ආකාරය රූපය තනන්නට ගොස් තරුවක් වන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු නොවේ. එසේම ජන්ම පතේ සඳහන් නොවූ සුපිරි තරුවක් වීමට ගොස් එක රැයින් බැස නොයන්නටත් අප වගබලා ගත යුතුය.

ප්‍රවීණ ජොතිෂ්‍යවේදී
බණ්ඩාරගම
සම්පත් එස්. කල්පගේ

Check Also

බිස්නස් නොවැටෙන ගුරුකමක් අපිම කරගමු

බිස්නස් කෙරුවාව ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ’ඕනෑම ව්‍යාපාරයකින් එහි හිමිකරුවාට යහපත් ප්‍රතිඵල උදා කරන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!