page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / මැලේසියානු යානයක් පැහැරගන්න හැදූ ශ්‍රී ලාංකිකයා ගෝස්තු දක්වා රිමාන්ඩ්

මැලේසියානු යානයක් පැහැරගන්න හැදූ ශ්‍රී ලාංකිකයා ගෝස්තු දක්වා රිමාන්ඩ්

MH128 මැලේසියානු යානයේදී බෝම්බයක් පුපුරුවා ගන්නා බව පවසමින් කලහකාරී ලෙස හැසිරුණු ශ්‍රී ලාංකේය තරුණයා මානසික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා පැමිණි අයෙකු බව හඳුනාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයේ නියමු කුටියට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ 25 හැවිරිදි මනෝද් මොනරාගල මාක්ස් නමැති තරුණයා බොහෝ කාලයක සිට මානසික ආතතියකින් පෙළ ඇති බවටද තොරතරු අනාවරණය වෙමින් පවතී.කෙසේ වෙතත් (01දා) ඔස්ට්‍රේලියානු අධිකරණයක් වෙත මොහු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

එහිදී, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එලැඹෙන අගෝස්තු 24 වැනිදා දක්වා මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. එහිදී, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥයන් ඇප අයදුම් කර නැති අතර, ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව වාර්තා පමණක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම, ඔහු මානසික ප්‍රතිකාර ලබාගැනීමටද ඉල්ලීමක් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.

මේ අතර, මැලේසියානු ගුවන් යානය තුළදී මොහු මෙල්ල කරගැනීමට කටයුතු කළ තවත් ශ්‍රී ලාංකිකයෙකු දැක්වූ සහයෝගයද විදෙස් මාධ්‍යවල විශේෂයෙන් කතාබහට ලක්ව තිබුණි.

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!