page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / සුව අරණ / Beauty Tips / කොන්ඩේ පීරනකෝට කෙස් ගැලවෙනවාද? හිස්හොරි වලින් වද විදිනවා ද?

කොන්ඩේ පීරනකෝට කෙස් ගැලවෙනවාද? හිස්හොරි වලින් වද විදිනවා ද?

හිසකෙස්වල ස්වභාවය අනුව අපට හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට යම් යම් උපදෙස් අනුගමනය කළ හැකියි. හිසකෙස්වල ස්වභාවය අනුව බිත්තර සුදුමදය හෝ කහමදය ගල්වන්නට පුළුවන්. තෙල් අධික කෙස් කලබක් නම් බිත්තර සුදුමදය ද වියළි කෙස් කලඹක් නම් බිත්තර කහමදය ද සාමාන්‍ය කෙස් කලඩක් නම් බිත්තරයක් සම්පූර්ණයෙන් වුවද භාවිත කළ හැකියි.

උළුහාල් තම්බාගත් වතුර කෝප්පයක් ගෙන එය නිවෙන්නට හැර බිත්තර කලවම්කර හිස්කබලේ සිට කොණ්ඩය අග දක්වාම හොඳින් ආලේපකර විනාඩි හතළිස් පහක් යනතුරු තබා මඳ රස්නය වතුරෙන් හිස්කබල හොඳින් සෝදන්න. එවිට කොණ්ඩයේ රෝගී ස්වභාවය මග හරවා හිස කෙස් ගැලවෙන ගතිය මග හරවා ගත හැකියි.

ඉතා අධික ලෙස වියළි බවක් දක්වන කෙස් කලඹකට කෝමාරිකා සාරය, බිත්තර කහමදය සහ පොල්කිරි ස්වල්පයක් එකට එකතුකර හිසකෙස්වල ආලේපකර පැයක පමණ කාලයක් සිට මඳ රස්නය ඇති වතුරෙන් හිසකෙස් සෝදන්න. මෙය සතියකට දෙවරක් කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල අත්කරගත හැකියි.

ඉස්හොරි මග හරවා ගන්නට

නිවෙසේදීම සකසාගත හැකි අත් ඛෙහෙත්වලින් හිසකෙස්වලට අහිතකර බලපෑමක් නොවන අයුරින් ඉස්හොරි ඉවත්කර ගන්නට පුළුවනි. මේ සඳහා අතින් පොඩි කරගත් තක්කාලි හිස්කබලට දමා පිරිමැද විනාඩි විස්සක් තබා සෝදා හරින්න.

♣කොහොඹ දලු අඹරා එයට පොල්කිරි ටිකක් දමා හිස්කබලේ තවරා හොඳින් පිරිමැද විනාඩි 10 ක් පමණ තබා සෝදා හරින්න.

♣වියළි නෙල්ලි මිටක් ගෙන රැයක් වතුරේ පෙඟෙන්නට දමා තබා උදේට තම්බා සියක්කා තේ හැඳි කාලක් දමා හිස සෝදන්න.

♣කෙස් කලඹ වියළි නම් පොල්කිරි ස්වල්පයක් හිසට දමා හොඳින් පිරිමදින්න.

♣හෙනාපැක් එක ද ඉස්හොරිවලට සුදුසු ප්‍රතිකාරයක්. මීකිරි, බිත්තර සුදුමද සමගින් කළවම්කර එය හිස ගල්වා විනාඩි 10 ක් පමණ තබා සෝදා ඉවත් කරන්න.

♣තවද හිස්හොරි ඉවත්කිරීම සදහා කරපිංචා කොළ මිටක්, උළුහාල් ටිකක් රත්මල් සමඟ දමා උතුරවා එය පැයක් පමණ තිඛෙන්නට හරින්න. ඉන්පසු මෙයට දෙහි ස්වල්පයක් එකතු කරන්න. තෙල් අධික සහ ඉස්හොරි පැතිරී ඇති හිසකට මෙය ගැල්වීමෙන් එම තත්ත්වය මඟහැරී යයි.

මේ වටිනා ලිපිය ඔබගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!