page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / මරණ ගණන 208 දක්වා ඉහළට පළාත් අටකට අදත් කද වැසි

මරණ ගණන 208 දක්වා ඉහළට පළාත් අටකට අදත් කද වැසි

මෙවර ඇති වූ ජල ගැලීම්, නාය යැම් සහ ආපදා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඊයේ (02වැනිදා) වන විට දෙසිය අට (208) දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. එසේම පුද්ගලයින් අනූ දෙදෙනකු තවමත් අතුරුදන්ව ඇතැයිද පුද්ගලයින් හැත්තෑ දෙදෙනකු තුවාල ලබා ඇතැයිද හෙතෙම කියා සිටියේය.

පුද්ගල මරණ 85 ක්‌ රත්නපුරින්ද මරණ 63 ක්‌ කලුතරින්ද මරණ 31 ක්‌ මාතරින්ද වාර්තා වන අතර ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කෑගල්ල, නුවර දිස්‌ත්‍රික්‌කයෙහි මරණ පිළිවෙලින් පහළොවක්‌, පහක්‌, හතරක්‌ සහ එකක්‌ ලෙස වාර්තා වෙයි.

අවතැන් වූ පුද්ගලයින් හැටපන්දහස්‌ අටසිය දාහතක්‌ තවමත් අවතැන් කඳවුරු තුන්සිය විසි එකක්‌ තුළ වෙසෙන බවත් හෙතෙම කියා සිටියේය.

ඊයේ (02 වැනිදා) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මිලි මීටර් 94.5 ලෙස නෝටර්න් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර ඊයේ දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් සියයක පමණ වර්ෂාපතනයක්‌ පතිත වී ඇත. අද (03වැනිදා) දිනය තුළ බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලට වැසි අපේක්‍ෂා කළ හැකි යෑයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

ආපදාවන්ට ලක්‌ව ඇති ප්‍රදේශ වෙත අද (03 වැනිදා) වර්ෂාපතනය ඇඳහැලුනහොත් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ වුවහොත් විශේෂයෙන්ම නාය යැම් අනතුරු හඟවා ඇති ස්‌ථානවල පදිංචිකරුවන් ආරක්‍ෂිත ස්‌ථාන වෙත යොමු විය යුතු යෑයිද ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි.

එසේම කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයන්ට නිකුත් කර තිබූ නාය යැමේ අවදානම තවදුරටත් දිගු කරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය කියයි.

පිටාර ගැලූ ගංගාවන්හි ජල මට්‌ටම බොහෝ දුරට අඩුව ඇති බවත් පහළ නිම්නයන් කිහිපයක පමණක්‌ තවමත් ජලය පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

-දිවයින පුවත් පත

Check Also

රොහින්ග්‍යා සරණාගතයෝ ඇවිල්ලා මාස 2යි. ළමයි 6ක් පාසල් යනවා – සුපිරි ඝනයේ වාහන වලින් එන අය කන්න බොන්න දීලා තියෙනවා

“රොහින්ග්‍යා මුස්ලිම්වරු මියන්මාරයේ ප්‍රශ්නයක්. ලංකාවේ නීතිය අනුව අපි සරණාගතයන්ට ඉඩ දෙන්න බැඳී නෑ. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!