page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / ආනන්ද වෙඩිසිංහගේ අවසන් යතුරුපැදි ගමන (සංවේදී අය නැරඹීමෙන් වළකින්න )

ආනන්ද වෙඩිසිංහගේ අවසන් යතුරුපැදි ගමන (සංවේදී අය නැරඹීමෙන් වළකින්න )

අනතුරට මුහුණදුන් දිනයේ (අප්‍රේල් මස 23 වැනිදා) සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි වෙඩිසිංහ මියයන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ වැඩි දුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිද සහ දරුවන් උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය වූ මුදල (රුපියල් මිලියන 39 ක් පමණ) සොයාගත නොහැකි වීම නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

නුවරඑළිය තරගාවලියේ සුපර් මෝටාර්ඞ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ සිය යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය. එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ බවත්, පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට විසිවූ බවත් පැවසේ.

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!