page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / සුව අරණ / Pregnancy / ආපදා තත්ත්වයකදී වුවද නොකඩවා මවුකිරි දෙන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

ආපදා තත්ත්වයකදී වුවද නොකඩවා මවුකිරි දෙන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

දැනට පවතින ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් තුළ ළදරුවන්ගේ ආරක්ෂාව තකා මවුකිරි දීම නොකඩවා පවත්වාගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයද මේ ඉල්ලීම කරයි.

ආහාර සැපයීම හා ආරක්ෂිත පානීය ජල සැපයුම ඉතාමත්ම සීමිත මෙවැනි අවස්ථාවක හදිසි ආපදා අවස්ථාවන්හිදී ආපදා ප්‍රදේශවල සිටින කුඩා දරුවන් පාචනය ඇතුළු අනෙකුත් රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතින බවත් මවුකිරි මඟින් දරුවන් රෝගවලින් ආරක්ෂා කර ගත හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.

මවුකිරි ලබන දරුවන්ට වඩා මවුකිරි නොලබන දරුවන්ට සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම වැඩි වන අතර හදිසි ආපදා තත්ත්වයන්ට බඳුන් වූ සියලුම කිරිදෙන මවුවරුන්ට මවුකිරි දීම දිගටම පවත්වාගෙන යෑමට උපරිම උත්සාහයක් ගත යුතු බවට ඔවුන් උපදෙස් දෙයි.

ළදරු කිරිපිටි වර්ග පානය කරන දරුවන් පාචන රෝග තත්ත්වයන්ට හා මරණයට පවා පත්වීමේ අවදානම ඉතා වැඩි බැවින් හදිසි ආපදා අවස්ථාවන්හිදී ළදරුවන්ට කිරිපිටි ලබාදීම ආපදා තත්ත්වය දෙගුණ කිරීමක් ලෙස සැලකිය හැකි බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

මව්බිම – අනුරාධා හේරත්

Check Also

එක්සත් වෘත්තීයවේදීන් ඩිජිටල්කරණයේ පලමු පියවර තබයි

එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය තම නිල වෙබ් අඩවිය www.upg.lk අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගිය සැප්තැම්බර් 29 වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!