page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / Rape cases / පියා හා මිතුරෙක් එක්වෙලා අවරුදු 11ක පුංචි දියණිය දූෂණය කරලා

පියා හා මිතුරෙක් එක්වෙලා අවරුදු 11ක පුංචි දියණිය දූෂණය කරලා

අවුරුදු 11 ක් වයසැති පාසල් දැරියක් වසර 5 ක් තිස්සේ අපයෝජනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

දැරියගේ පියා සහ ඔහුගේ මිතුරෙකු විසින් ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවටයි දැරියගේ මව විසින් ඉකුත් 30 වැනිදා ගල්ගමුව පොලිස්ථානයට පැමිණිල්ලක් කර ඇත්තේ.

සැකකරු කදුරුවැව ප්‍රදේශයේ පදිංචි පැට්ටා නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක්. මෙම සිද්ධියට අදාලව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු දැරියගේ පියා අත්අඩංගුවට ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ගල්ගමුව පොලීසිය වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මෙලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ගල්ගමුව කුඩාකත්නෝරුව ප්‍රදේශයේ පාසල් දැරියක්.

ඇය වයස අවුරුදු 7 සිට මේ දක්වාම ඇගේ පියා හා තවත් පුද්ගලයෙකු විසින් අවස්ථා ගණනාවකදී දූෂණයට ලක් කර ඇති අතර දැරියගේ මව නිවසේ නොමැති අවස්ථාවලදී පියා හා මිතුරා විසින් දැරියට බරපතල ලෙස අතවර කර ඇති බවටයි මව පැමිණිලි කර ඇත්තේ.

අදාල දැරියගේ මව එක් අවස්ථාවකදී විදේශ ගතව සිට ඇති අතර ඒ කාල වකවානුව තුළදී පියා විසින් මුලින්ම දැරිය අතවරයට කර ඇති අතර එතැන් පටන් මේ දක්වාම නොයෙක් අවස්ථාවලදී පියා විසින් දැරිය අතවරයට ලක් කොට ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Check Also

පාසල් සිසුවිය දූෂණය කර මරාදැමූ කාමාතුරයාගේ ජංගම දුරකථනයේ ඇසැබි වීඩියෝ 300ක්

ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක නිවසේ තනිව සිටි වේලාවක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!