page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / එසැණ පුවත් / ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට : ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැත

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට : ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැත

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් සහ ඒ ආසන්නයේ පිහිටි බොරෝ මාකට් හි සිටි පුද්ගලයන්ට තියුණු ආයුධ වලින් පහර දීමෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තවත් 30දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙසේ පැමිණි වෑන් රියේ පදිකයන් ගැටීමට සලස්වා ඇති අතර බොරෝ මාකට් සහ වොක්ෂෝල් ප්‍රදේශයේ සිටි ජනතාවට පිහි ප්‍රහාරයන් එල්ල කොට ඇත.මේ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද ලන්ඩන් වල පැවැත්වෙන අයි.සී.සී චැම්පියන් කුසලානයට පැමිණ සිටින අතර මෙම ප්‍රහාරයෙන් එම කණ්ඩායමට හෝ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නොමැති බව විදේශ අමාත්‍යංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කොට තිබේ.

මේ අතර එම ප්‍රහාරයට සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙක්ද පොලිස් වෙඩිපහරින් මිය ගොස් ඇතැයි මීට සුළු මොහොතකට පෙර වාර්තා විය

Check Also

ඊයේ තරඟයේ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

මේ දිනවල දිගින් දිගටම පරාජයේ ආශ්වාදය පමණක්ම භුක්ති විඳින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!