page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / ජනපති මෛත්‍රී හා මහින්ද රාජපක්ෂ අතර මුහුණට මුහුණ හමුවක්

ජනපති මෛත්‍රී හා මහින්ද රාජපක්ෂ අතර මුහුණට මුහුණ හමුවක්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පවතින අර්බුදය නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර මුහුණට මුහුණ සාකච්ඡාවකට යොමු කිරීමට දෙපාර්ශවයේ මන්ත්‍රී කණ්‌ඩායම් දෙකක්‌ යළිත් සාකච්ඡා ආරම්භ කර ඇත. මෙම මන්ත්‍රී කණ්‌ඩායම් දෙක අවස්‌ථා කිහිපයකදී හමුවී සාකච්ඡා කර ඇති අතර ඔවුන් පසුව පක්‍ෂ ප්‍රධානීන්ද හමු වී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සමගි කිරීමේ සාකච්ඡාවක්‌ සඳහා එක්‌ වන ලෙස ලොව බලවත් රටක්‌ ද මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉදිරි මැතිවරණවලට පෙර සියලු අර්බුද විසඳාගෙන තනිව මැතිවරණවලට තරග කළහොත් විශාල ජයග්‍රහණ ලබාගත හැකි බව දෙපාර්ශවයේම මතය වී ඇතැයි ද වාර්තා වෙයි.

-දිවයින

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!