page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Education / ලංකාදිපති මහා රාවණගේ නිධානය ගන්නා හැටි පුස්කොලපොතේ සදහන්ව ඇති අයුරු

ලංකාදිපති මහා රාවණගේ නිධානය ගන්නා හැටි පුස්කොලපොතේ සදහන්ව ඇති අයුරු

ශ්‍රි ලංකාවේ විසු රාවණ රජතුමා රාම -රාවණ මහා සංග්‍රාමයෙන් මිය ගිය බව රාමායනය පවසන නමුත් රාමගේ හී පහරින් සිහි මුසපත් වු රාවණා රජුගේ දේහය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහ කුඩුගල කදු මුදුනේ සුරක්ෂිතව තැන්පත් කර ඇති අතර, එම සිරුර ගංගා නම් ගගේ දිය බිදකින් යම් දිනෙක තෙමෙන අතර, ඊට පසු රාවණා රජුට නැවත සිහි ලැඛෙන බවත් දිර්ඝතම සිහිමුර්ජාවෙන් සිහි ලැබු රාවනා රජ තෙමේ භාවනා කිරිම පිණිස හිමාල වනයේ මහා දඹගස් අරණට යන බවත් පැරණි පුස්කොල ග්‍රන්ථයක සදහන් වේ.

මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය කොතෙක්දැයි අපි නොදනිමු.දැනට සියවස් 5කට පමන පෙර ලියා ඇති මෙම පුස්කොළ පොත් සටහන ඊට පෙර ලියා තිබු රන්පත් ඉරුවලින් උපුටාගත් බැව් එම පුස්කොළ සටහනේ සදහන් කර ඇත.

රාවණා රජුගේ රාජකිය රන් මිරිවැඩිසගල නුවරඑළියේ හක්ගල කදු බැවුමේ පතොක් උයන මැද ඉතා ගෞරවණීය ලෙස තැන්පත් කර ඇති බවත් ,එහි නයි පෙන හතකින් ආරක්ෂිත ලෙස තැන්පත් කළේ විභීෂණ රජු විසින් බවත් එහි සදහන්ය.රාවණ දේහය සොයා ගැනිමට පෙර මෙම රන් මිරිවැඩිසගල සොයා ගත යුතු අතර ,මෙම රන් මිරිවැඩිසගල අවුරුදු 95ක මහල්ලෙක් විසින් සිය හිස මුදුනත තබාගෙන පැමිණ ශ්‍රී දේහය අසල තැබිය යුතු බවත් එම පත්ඉරුවල වැඩිදුරටත් සදහන් වේ.

හග්ගල තිඛෙන මෙම රන් මිරිවැඩිසගල නිදානය ලබා ගැනිම සදහා කිසිදු බිලි පිදිමක් අවශ්‍ය නොවන බවත් එයට සහභාගි වන තැනැත්තා මස් මාංශ භක්ෂණයෙන් තොර වයස අවුරුදු 50 ඉක්මවු පුද්ගලයෙක් විය යුතු බවත් සදහන් වේ.

මේ සියල්ලටම පෙර ලග්ගල කදුමුදුනේ තුංමංහන්දියේ ගල් කුලක සගවා තිඛෙන ,පසිංගල මාණික්‍යය ගතයුතුව ඇත.එම මාණික්‍යය අතට ගත යුත්තේ මුලින්ම රාවණ ආකර්ෂණ

මන්ත්‍රයෙන් 1108 වරක් ජප කර සුවද දුම් අල්ලා රතු මල් දමක් එම ගිරි කුළ අසල තබා පුද පුජා කිරිමෙනි.එවිට ශෛලමය මංජුසාව විවෘත වනු ඇත.අනතුරුව රක්ත වර්න පට පිළියෙන් අත වසාගෙන එම ගෝලාකාර පසිංගල් මැණික අතට ගෙන මල් යහනාවක් මත තබා නැවත රාවණ ආකර්ෂණ මන්ත්‍රයෙන් ජප කල යුතුය.මේ සදහා බිලි පිදිම සම්පුර්ණයෙන්ම තහනම්ය.

රාවණා දේහය සොයා ගැනිමේ පළමු පියවර වි ඇත්තේ මෙම පසිංගල් මානික්‍යය සොයා ගැනිමයි.එය කිසිවිටක නිදන් හොරුන්ට කල නොහැකි වන්නේ අටසිල් සමාදන් වු පිරිමි පුද්ගලයන් 108ක් සුදු මල් වට්ටි එක බැගින් ගෙන කරණියමෙත්ත සුත්‍රය සජ්ජායනා කරමින් ලග්ගල කදු තරණය සදහා ඇසල පසලොස්වක දිනක පිටත්විය යුතු බැවිනි.

මෙම පසිංගල් මාණික්‍යය සමන් මල් යහනක තබා රාවන ආකර්ෂණ මන්ත්‍රයෙන් ජප කරන විට රාවනාගේ රන් මිරිවැඩිසගල ලබා ගන්නා ක්‍රමයත් ,රාවනාගේ ශ්‍රි දේහය ලබා ගන්නා ක්‍රමයත් මෙම මාණික්‍යය තුලින් පෙනෙන බැව් සිද්ධ රාජ පත්ඉරුවල සදහන්ව තිබේ.

රාවණා රජුගේ රන් රිදි මුතු මැනික් සතර මහා නිධානයද රාවන ගල කන්දේ ශෛලමය මංජුසාවක තැන්පත් කර ඇත’එම නිදානයේ වස්තුව එක් පුද්ගලයෙකුගේ පරිභෝජනයට පත්කල නොකළ යුතු බවත්, එම වස්තුව රෝහණ ප්‍රදේශයේ ,සබරගමුවේ හා මද්‍යම කදුකරයේ සංවර්ධන කටයුතු සදහා යෙදිය යුතු බැව් පැවසේ.මෙම පුස්කොළ පොතේ සදහන් කරුණු මිිනිසුන්ට කල නොහැකි සේ පෙනෙන නමුත් එහි සත්‍යයක් පවති’

නමුත් කවරදා හෝ මෙම කරුණු සිදුවනු ඇතැයි සිද්ධ රාජ පත්ඉරුවල සදහන් වේ’වර්ෂ දහස් ගණනකට පෙර යුද්ධයෙන් මිය ගිය රාවණා රජතුමාට නැවත පණ ලැබිම විහ්වාස කල නොහැකි කරුණකි’නමුත් රාවණා රජතුමා කිසිවකු අතින් කිසිදිනෙක මිය නොයන බවට මහාබ්‍රහ්මයාගෙන් වරලත් එකම මනුෂ්‍යයා බැව් අප අමතක නොකල යුතුය’රාවණා දේවත්වයට සමිප වු මිනිසෙකි’

රාම- රාවණා මහා සංග්‍රාමයේදි සිදුවි ඇත්තේ රාවණා රජු මිය යෑම නොව විෂ හී සැරයෙන් සිහිමුර්ජාවීම බවත් රාවණා නැවත පණ ලබන්නේ මහා බ්‍රහ්මයාගේ ආශිර්වාදයෙන් බවත් සිද්ධ රාජ පත්ඉරුවල සදහන් වි තිබේ’රාවණ රජු යුද්ධයේදි මිය ගිය නොගිය බව සදහන් කරන රාවණ කතා පුස්කොළ ග්‍රන්ථයේද සදහන් වන්නේ රාම රාවණා ගැටුමෙන් රාවණා මිය නොගිය අතර සිහිමුර්ජා වු රාවණ සිරුර මහකුඩුගල ගිරි ශිඛරයේ ශෛලමය මංජුසාවක තැන්පත් කල බවකි’

Check Also

සතුරු කරදර වලින් මිදී සතුරන්ට දඩුවම් ලබාදෙන්න කාලි මෑණියන්ට නිවැරදිව පහන් තියන්නේ මෙහෙමයි

ශ්‍රී ලාංකීය ජනයා අතර ගෞරවයටත් වන්දනා මානයටත් ලක්‌වන කාලි මෑණියෝ ඉතා ගරු ගාම්භීර තේජස්‌ සහිත …

One comment

  1. all bull shit

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!