page hit counter
Tuesday , October 24 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / ආදරවන්තයා ඉදිරියේ ඉබේටම ගැළවෙන ස්මාර්ට් තිසරපටය මෙන්න | ViDEO

ආදරවන්තයා ඉදිරියේ ඉබේටම ගැළවෙන ස්මාර්ට් තිසරපටය මෙන්න | ViDEO

කාන්තාව තුළ සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේ නම් පමණක් සිය සහකරුට ගැළවිය හැකි ‘ස්මාර්ට් තිසරපටක්’ සංකල්පීය නිමැවුමක් ලෙස හඳුන්වාදීමට ජපානයේ ප්‍රකට කොමුපිළි නිෂ්පාදන සමාගමක් සමත්වී තිබේ.

රවිජෝ සමාගම ඉදිරිපත් කරන මෙම ‘ස්මාර්ට් තිසරපට’ හදගැස්ම නිරීක්ෂණය වෙනුවෙන් එහි වූ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුමක් හරහා ක්‍රියාත්මක වෙයි.

මෙය තිසරපට කර්මාන්තයේ විප්ලවීය හඳුන්වාදීමක් බවත්, එය කාන්තාවන්ගේ හැඟීම් හඳුනාගන්නා තිසරපටක් බවත් එම සමාගම පවසයි.

කාන්තාව ඉදිරියේ සිටින සහකරු කෙරෙහි ඇයට ආදර හැඟීමක් ඇතිවූ විට මෙම තිසරපටයේ සංවේදක හා ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම අතර බ්ලුටූත් ආශ්‍රයෙන් දත්ත හුවමාරු කරමින් ඇයට සැබෑම ආදර හැඟීමක් ඇතිවූයේද යන්න එම යෙදවුම හරහා තීරණය කෙරෙන බවත්, එසේ ඇයට ආදර හැඟීමක් ඇතිවී තිබුනේ නම් තිසරපටය ඉදිරිපස වූ සියුම් විදුලි බුබුල රෝස පැහැ ආලෝකයක් විහිදුවමින් දැල්වෙන බවත්, එය තිසරපටය ගලවා දැමීමට සහකරුට කෙරෙන ඇරයුමක් බවත් සමාගම පවසයි.

තවම වෙළෙඳ පොළේ නැති මේ ‘ස්මාර්ට් තිසරපට’ වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමක් පිළිබඳවද මෙතෙක් අනාවැකි පළ කර නැත.

නමුත්, ස්මාර්ට් තිසරපටයේ නිෂ්පාදන සමාගම පවසන්නේ එය ලොවපුරා සිටින කාන්තාවන්ගේ මිතුරියක වනු ඇති බවයි.

– උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Check Also

මොනවා කරලවත් මරන්න බැරි සුපිරි සතෙක් මෙන්න.

ගැඹුරු අභ්‍යාවකාශයේ විනාශකාරී පරිසරයක වුණත් දිවි රැකගත හැකි  සතෙක් ගැන තමයි මම අද ඔයාලාට කියන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!