page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / සුව අරණ / දිගින් දිගටම සැරමිරිස් කනවානම් ඔයාගේ ඇගත් දිගටම හිරි වැටිලා තියේවි

දිගින් දිගටම සැරමිරිස් කනවානම් ඔයාගේ ඇගත් දිගටම හිරි වැටිලා තියේවි

හොද්දක් හෝ ව්‍යංජනයක් රස කිරිමට මිරිස් නැතිවම බැරි රසකාරයක්.ස්වබාවයෙන්ම එයට ලැබි ඇති දැවිල්ල සහගත බව සුපවේදින් බහුලව යොදා ගන්නේ සැර රසයට ප්‍රිය කරන ආහාර ලෝලින්ගේ මන දොළ පිරවිමටයි.නමුත් උතුරු දිග වේල්සයේ පදිංචි සුපවේදියෙකු වන මියක් ස්මිත් මිරිස් කරලේ සැර උපරිම තලයට ගෙන යමින් අලුත්ම මිරිස් වර්ගයක් නිර්මාණය කොට ගිනස් පොතටත් ගියේ කෑම වට්ටටෝරුවලට එක් කරන්නට නම් නෙමෙයි.

ඒ ශෛල්‍ය වෛද්‍යවරුන්ගේත් සැත්කම්වලට ලක්වන රෝගින්ගේත් හිතසුව පිණිසයි.මකර හුස්ම නමින් මිරිස් පවුලට එක් වු මේ සාමාජිකයා එහි දැවිල්ල දනවන ගුණයෙන් කෙතරම් පොහොසත්ද කියනවා නම් එය සිරුරේ ස්පර්ශ වු පමණින් එම ස්ථානය හිරිවැටිමට තරම් ප්‍රබලයි.

පසුගිය වසර හතක කාලයක සිට මිරිස් වගාවේ නිරතව සිටින ස්මිත් මෙවර නොටිංහැම් විශ්වවිද්‍යාලයේ විද්‍යාශයින් සමග එක්ව මෙම අලුත්ම මිරිස් කරල නිර්මාණය කළේ ශෙල්‍ය වෛද්‍යවරුන්ගේ ප්‍රෙ‍ෙයාජනය තකාය.කොච්චි මිරිස් කරලට වඩා ප්‍රමාණයෙන් මදක් විශාල ඩ්‍රැගන්ස් බ්‍රෙත් කෑමට ගැනිමක් ගැන සිතන්නටත් නොහැක්කේ ශ්වසන නාලිකා හකුලුවා හුස්ම හිර කිරිමට තරම් මෙම මිරිස් වර්ගය ප්‍රබල බැවිනිමකර හුස්ම රස බැලිම යනු මරණය කැදවා ගැනිමක් බව ස්මිත් කියන්නේ ඒ නිසාය.කෑමට ගැනිමෙන් පුද්ගලයෙකු මරණුවට පත් කිරිමට සමත් මෙම මිරිස් කරලින් නිස්සාරණය කරගන්නා තෙල් සම මතුපිට ආලේප කිරිමෙන් සිදුකරන හිරිවැට්ටිම කෙතරම් ප්‍රබලද කියනවා නම් නිර්වින්දනය කිරිමකින් තොරව රෝගියෙකු සැත්කමට ලක් කිරිමට පවා එම හිරිවැටිම ප්‍රමාණවත් බවයි.සාම්ප්‍රදායික නිර්වින්දන ඖෂධ වලට අසාත්මිකතා දක්වන රෝගින්ට ජිවිතය පිළිබද බලාපොරොත්තුවක් දල්වා ගැනිමට හැකියාව උදාවි තිබෙනවා.

කෑමට ගැනිමෙන් ජිවිත ඩැහැ ගිනිමටත් ආලේප කිරිමෙන් ජිවිතය බේරා ගැනිමටත් හැකි අපුරු මිරිස් කරලක් ලෙස මෙය දක්වන්නට පුලුවන්..

එහෙනම් මේ වටිනා ලිපිය ඔයාගේ යහලුන් අතර ෂෙයාර් කරන්න අමතක කරන්න එපා යහලුවනේ..

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!